Colombo Today Local News

හලාවත – මීගමුව පෞද්ගලික බස් වර්ජනය අවසන්

මාර්ග අංක 907 හලාවත මීගමුව පෞද්ගලික බස් රථ සේවකයින් ආරම්භ කර තිබූ වර්ජනය අවසන්කි කිරීමට සීමාසහිත හලාවත මගී ප්‍රවාහන සමාගම තීරණය කර තිබේ.

ඒ අනුව එම මගී ප්‍රවාහන සමාගමේ සභාපති චමින්ද හංස මහතා සඳහන් කළේ, අද (31) උදෑසන සිට සාමාන්‍ය පරිදි එම මාර්ගයේ පෞද්ගලික බස් ධාවනය ආරම්භ කළ බවයි.

එම මාර්ගයේ ධාවනය කෙරෙන ශ්‍රී ලංගම බස් රථ රියදුරෙකුට පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පෞද්ගලික බස් රථ සේවකයකු පොලීසිය මගින් අත්අඩංගුවට ගැනීම අසාධාරණ බව පවසා ඊයේ (30)දින බස් වර්ජනය ආරම්භ කළ බව ඔහු වැඩි දුරටත් පැවසීය.

Related posts

හිස්බුල්ලාගේ බැටික්ලෝ කැම්පස් ගොඩනගන්න ඉඩම ලැබුණු හැටි පාස්කු කොමිසමේ දී හෙළිවෙයි

colombotoday

කටුවපිටියේ බෝම්බකරු නැවතී සිටි නිවසේ හිමිකරුගේ සාක්ෂිය

colombotoday

ගබ්සාව නීතිගත කිරීමට කැබිනට් අනුමැතිය හිමිවේ !

colombotoday

අතුරුදන් වූ තරුණයෙකු මිය ගිහින්

Admin

ඇමරිකානු යුධ නෞකාවක් 500ක් සමග හෙට කොළඹට !

colombotoday

“අපිව එව්වේ රවී කරුණානායකයි“ – හම්බන්තොටදී කොටුවූ කොළඹ මැරයෝ හෙළිකරයි (Video)

colombotoday