Colombo Today Local News

ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන්ට විදෙස් ගමන්වලින් වළකින්න ජනපති දැනුම් දෙයි

එළැඹෙන පාර්ලිමේන්තු සතිය තුළ ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරු, පාර්ලිමේන්තු සභාවාර සඳහා පැමිණිය යුතු බවට දැනුම්දීමක් සිදුකර තිබේ.

ඊයේ (28)දින පැවති කැබිනට් සාකච්ඡාවේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එම දැනුවත් කිරීම සිදුකර ඇති බව වාර්තා වේ.

සැප්තැම්බර් මස 5,6,7 සහ 8 යන දිනයන්වල සියලු මැති ඇමතිවරුන් පාර්ලිමේන්තුව තුළ රැඳී සිටිය යුතු බවත් විදෙස් ගමන්වලින් වළකින ලෙසත් දැනුවත් කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව මෙම දිනයන්වල විවාදයට ගැනීමට නියමිතව ඇති බැවින් ජනාධිපතිවරයා විසින් එම නියෝගය නිකුත් කර ඇත.

සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව වර්ජනය කිරීමට ආණ්ඩු පක්ෂයේ පිරිසක් සූදානම් වන බවට ලද තොරතුරු මත ජනාධිපතිවරයා එම තීරණය ගෙන තිබේ.

කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට දින තුනක කාලයක් ලබාදෙන ලෙස විපක්ෂය ඉල්ලීමක් සිදුකළ අතර ඊට ආණ්ඩු පක්ෂයේ එකඟතාව පළ වී ඇත.

Related posts

සංචාරක හොටල් සහ අවන්හල් වලට මත්පැන් බලපත්‍ර ලබාදීම ගැන තීරණයක්

Admin

නිරෝධායන නීති නොතකා පවත්වාගෙන ගිය සම්භාහන මධ්‍යස්ථානයක් වටලයි

colombotoday

ජුලියන් බෝලින් හා ජොනතන් මාටින්ස්ටයින් CID යට

colombotoday

ප්‍රගීත් එක්නැලිගොඩ මරා දැමූ බවට හෝ මැරුණු බවට සාක්‍ෂි නෑ – හෝමාගම මහේස්ත්‍රාත්

colombotoday

විශ්වාසභංග මන්ත්‍රී අත්සන් ලේඛණය දින මකා ටිපෙක්ස් කර හැදු කූට ලියවිල්ලක්..

colombotoday

කොරෝනා වෛරසයෙන් මියගිය මරදානේ පුද්ගලයාගේ දේහයත් ආදාහනය කරයි

colombotoday