World

ලොව ප්‍රථම වරට ලප නැති ජිරාෆ් පැටවෙක් උපත ලබයි

සත්ත්ව ලෝකයේ දුර්ලභම දසුනක් අමෙරිකාවේ Tennessee’හි Brights සත්වෝද්‍යානයෙන් වාර්තා වේ.

එනම් ලොව ප්‍රථම වරට ලප නොමැතිව ජිරාෆ් පැටවෙක් උපත ලැබීමයි.

මෙම පැටවා ජූලි 31 වනදා උපත ලබා ඇති අතර තවමත් නම් කර නොමැති බව Brights සත්වෝද්‍යාන නිලධාරීන් සඳහන් කරයි. ජිරාෆ් පැටවා ගැහැණු පැටවෙකි.

පැටවාගේ මුළු ශරීරයම ඒකාකාර දුඹුරු පැහැයක් ගන්නා අතර ජිරාෆ් සත්ත්වයින්ට ආවේණික සුවිශේෂී පැල්ලම් රටා දක්නට නොලැබෙන බවයි වාර්තා වන්නේ.

ජිරාෆ් පැටවා දැනට අඩි හයක් උසින් සිටින අතර ඇගේ මවගේ රැකවරණය යටතේ පෝෂණය ලබයි.

මෙම පැටවා වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ජිරාෆ් විශේෂයක් වන අතර එය 2018 දී ස්වභාවධර්ම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර රතු ලැයිස්තුවට ඇතුළත් කළ බව USA Today වෙබ් අඩවිය සඳහන් කරයි.

Related posts

IS – K මරාගෙන මැරෙන බෝම්බකරුවෙකුට අමෙරිකාවෙන් ඩ්‍රෝන ප්‍රහාරයක්

colombotoday

සටන් විරාමයක් ප්‍රකාශයට පත් කළත් සුඩානයේ ගිනි අවි ගබඩාවකට ප්‍රහාරයක්

Admin

අධිකරණ තීන්දුවට එරෙහිව රාහුල් ගාන්ධිගෙන් අභියාචනයක්

Admin

රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් යුක්‍රේනයේ ඔඩේසාහි වරාය පහසුකම්වල ගින්නක්

Admin

එමිරේට්ස් ඊශ්‍රායලයට ගුවන් ගමන් අත්හිහිටුවයි

Admin

පකිස්ථානයේ ප්‍රථම කොරෝනා‍ෙ ආසාදිතයා මරුට

colombotoday