Colombo Today Local News

උමාරා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට කැඳවයි

ජාතික ගීය විකෘති කර ගායනා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අමාත්‍යාංශය හමුවේ හෙට (3)දින පෙනී සිටින ලෙස ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ විමර්ශන කණ්ඩායම උමාරා සිංහවංශ ගායන ශිල්පිනියට දැනුම්දී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වැඩසටහන් කළමනාකරුවකුගෙන් අද (2)දින ප්‍රකාශයක් සටහන් කරගන්නා ලදැයි වාර්තා වෙයි.

මීට අමතරව මේ සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ සංගීත අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙක්ද එම විමර්ශන කණ්ඩායම විසින් අමාත්‍යාංශයට හෙට (3)දින කැඳවනු ලැබ සිටී.

ජාතික ගීය ගායනා කළ ආකාරය සහ එහි තාලය නිවැරදි දැයි තොරතුරු දැනගැනීම සඳහා ඔහු මෙසේ කැඳවන බවද වාර්තා වෙයි.

ජාතික ගීය විකෘති කර ගායනා කිරීමේ සිද්ධිය පිළිබඳ විමර්ශන පවත්වනු ලබන්නේ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (විමර්ශන)ධම්මික මුතුගල මහතා ඇතුළු කණ්ඩායමක් විසිනි.

ගායන ශිල්පිනිය උමාරා සිංහවංශ මහත්මිය ජතික ගීය මෙසේ විකෘති කර ගායනා කර තිබුණේ ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සමාරම්භක උත්සවයේදීය.

ජාතික ගීය විකෘති කර ගායනා කිරීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පවත්වන ලෙස අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී එන් රංජිත් අශෝක මහතාට පසුගිය 31 වැනිදා උපදෙස් දීමෙන් පසු පරීක්ෂණය ආරම්භ කෙරුණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද වෙනම විමර්ශනයක් පවත්වයි.

Related posts

අයිස් ළඟ තබා ගත් ආච්චි පොලිසියට මාට්ටු

colombotoday

කමල් මාලිමාව හැරදා යයි

Admin

හලාවත නගර සභා අය වැය දෙවැනිවරටත් පරාදයි

colombotoday

අයවැයට පෙර IMF නියෝජිතයන් හා රජයේ නියෝජිතයන් අතර හමුවක්…

colombotoday

මුස්ලිම් පල්ලියට බෝම්බ ගැසුවා කියා අත්අඩංගුවට ගත් දෙදෙනා නිදොස්කොට නිදහස්.. බොරු චෝදනා කළැයි පොලීසියට අධිකරණයෙන් කුණු බැණුම්

colombotoday

සූරියඅරණ ගගේ ගිලී පුද්ගලයෙක් අතුරුදන්

Admin