Colombo Today Local News

බසයක් ලොරි‍යක ගැටී 15ක් රෝහලට… කතක් මිය යයි

කොළඹ සිට අනුරාධපුරය බලා ධාවනය වූ බස් රථයක් හා ෆයිම් මුවර් රථයක් තුල්හිරිය ප්‍රදේශයේදී මුහුණට මුහුණ ගැටීමෙන් කාන්තාවක් මිය ගොස් තවත් 15 දෙනකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

තුවාල ලැබූවන්ගෙන් තිදෙනකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ප්‍රකාශකයෙක් පවසයි.

මෙම අනතුර අද පෙරවරු 10:30 ට පමණ වී ඇති අතර බස් රථය සිමෙන්ති පටවාගත් ප්‍රයිම් මූවර් රථයේ ගැටීමත් සමගම බස් රථය පෙරළී ඇතැයි වරකාපොල පොලිසිය කියයි.

තුවාල ලැබූවන් වරකාපොල රෝහල වෙත ඇතුළත් කර ඇත.

බස්රථ රියදුරු ගේ අපරික්ෂාකාරී රිය ධාවනය හේතුවෙන් අනතුර සිදුවී ඇතැයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

“භික්ෂු කතිකාවත් පනතෙන් ශාසනයට නව ජීවයක් දෙනවා” මල්වතු මහානාහිමි

colombotoday

කිසිම වාහනයක අවභාවිතා වෙලා නෑ ජනාධිපති ලේකම් කියයි

Admin

ප්‍රසන්න රණවීර සහ විමල් වීරවංස දෙදෙනාට පාර්ලිමේන්තුවට පැමිණීම තහනම් කෙරේ

colombotoday

“තමාට පෙර රට.. මොකට මුන්ට බය වෙනවද” ලන්ඩන් කොටි ඉදිරියේ දේශයේ අභිමානය පෙන්වා දුන් ලක් විරුවා කියන කතාව මෙන්න

colombotoday

අත් බෝම්බ,කඩු කිනිසි, පුපුරණ ද්‍රව්‍ය ඇතුළු අවි ආයුධ තොගයක් මීගහතැන්නේ නිවෙසකින් හමුවෙයි

Admin

මගේ නංගි ආයේ එන්නේ නෑ. – මට දැනගන්න ඕනි නංගිව පිච්චුවාද පිච්චුනාද කියලා

colombotoday