World

මෙක්සිකෝවේ නගරාධිපතිවරයෙක් ඇලිසියා ඇඩ්‍රියානා කිඹුලිය සමග විවාහ වෙයි

මෙක්සිකෝවේ නගරාධිපතිවරයෙක් තම ජනතාවට වාසනාව ගෙනෙන බවට විශ්වාස කෙරෙන සම්ප්‍රදායික උත්සවයකදී කිඹුලියක සමග විවාහ වී තිබේ.

ඒ, දකුණු මෙක්සිකෝවේ ඔක්සාකා ප්‍රාන්තයේදීය.

වික්ටර් හියුගෝ සෝසා නැමති මෙම නගරාධිපතිවරයා ඇලිසියා ඇඩ්‍රියානා නම් මෙම කිඹුලිය සමග විවාහ වූයේ සාම්ප්‍රදායික චාරිත්‍රයක් ලෙස බව විදෙස් මාධ්‍ය පවසයි.

විවාහ උත්සවයට පෙර, සත්වයා ගෙයින් ගෙට ගෙන යන අතර ප්‍රදේශවාසීන්ට කිඹුලිය අල්ලාගෙන නර්තනයේ යෙදීමට ද එහිදී අවස්ථාව හිමිවේ.

මනාලියෙකු සේ සුදු ඇඳුමකින් සරසන ලද කිඹුලිය සමග ප්‍රදේශයේ නගර ශාලාවේදී විවාහ උත්සවය පවත්වා තිබේ.

මින් නගරයේ වැසියන්ට වාසනාව ගෙන එනු ඇති බව සඳහන් වෙයි.

Related posts

ලොව පුරා කොවිඩ් ආසාදිතයින් ගණන සිඝ්‍රයෙන් ඉහළට

colombotoday

ජපානයේ රික්ටර් මාපක 7.4ක ප්‍රබල භූකම්පනයක්

Admin

ඇමරිකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත්වෙයි

colombotoday

රටවල් රැසකින් රුසියාවට එරෙහිව සම්බාධක පනවයි

colombotoday

ගුවන් ධාවන තරගයේ දී යානා දෙකක් එකිනෙක ගැටී නියමුවන් දෙදෙනෙක් මරුට

Admin

පාකිස්ථානයේදී සීඝ්‍රගාමී දුම්රියක ගින්නක්

Admin