සිව් හැවිරිදි පිරිමි දරුවෙක් නිවස ආසන්නයේ කපා තිබු ජලය පිරී තිබු අනාරක්ෂිත ළිඳකට වැටී ජීවිතක්ෂයට පත්ව ඇත.
ඊයේ (26) උදෑසන වාරියපොළ පොලිස් වසමේ මිදියාල, බණ්ඩාරකොස්වත්ත ප්රදේශයේ නිවසක් ආසන්නයේ මෙය සිදුව ඇති බව පොලීසිය සඳහන් කරයි.
දරුවා නිවස ආසන්නයේ සෙල්ලම් කරමින් සිටිය දී නිවස පසුපස තිබු අඩි 2ක් පමණ උසට බැඳ ඇති අනාරක්ෂිත ජලය පිරි ඇති ළිඳකට වැටී මියගොස් ඇති බව සිදුකළ විමර්ශනයේ දී හෙළි වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් වාරියපොළ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.