Colombo Today Local News

වැටලීමකට ගිය පොලීස් නිලධාරීන්ට වටකරගෙන තඩිබාලා

වැටලීමකට ගිය අහංගම පොලීසියේ නිලධාරීන් පිරිසකට මැර ප්‍රහාරයක් එල්ල කළ එකම පවුලේ හය දෙනෙකුගෙන් යුත් පිරිසක් අත්අඩංගුවට ගත් බව වැඩබලන මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර මහතා පවසයි.

අත්අඩංගුවට පත් වූවන් අතර කාන්තාවන් තිදෙනෙක් ද වන බව පොලීසිය සඳහන් කරයි.

උප පොලිස් පරීක්ෂකවරයෙක් ඇතුළු පිරිසක් අහංගම වෙදගෙවත්ත, තිත්තගල්ල ප්‍රදේශයේ නීතිවිරෝධී මත්පැන් වැටලීමකට ගිය අවස්ථාවේදී මෙම ප්‍රහාරය එල්ල වී ඇත.

පහරදීමේ දී උප පොලිස් පරීක්ෂකවරයෙක් තුවාල ලබා ඇති අතර ගල් ප්‍රහාරයක් එල්ල වීමෙන් ජීප් රථයක පිටුපස වීදුරුවට අලාභ සිදුවී තිබේ.

නීතිවිරෝධී මත්පැන් මිලි ලිටර් 375ක් සමග අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු ජීප් රථයේ නංවාගෙන පොලීසියට ගෙන ඒමට උත්සාහ දැරීමේදී පොලිස් නිලධාරීන්ව පිරිසක් වට කරගෙන, අට දෙනෙකුට ආසන්න කණ්ඩායමක් විසින් සැකකරු මුදාගැනීම සඳහා පොලිස් නිලධාරීන්ට පොලු මුගුරුවලින් සහ ගල්වලින් ප්‍රහාර එල්ල කර තිබූ බව පොලීසිය පවසයි.

පොලිස් පරීක්ෂකවරයාට පොලු ප්‍රහාර එල්ල කළ පුද්ගලයා සිද්ධියෙන් අනතුරුව මුහුදු රස්සාවට ගොස් ඇති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි වැඩබලන මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර මහතා පැවසීය.

එහිදී තුවාල ලද උප පොලිස් පරීක්ෂකවරයා ගෝනගහහේන ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර අනතුරුව, වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහල වෙත ඇතුළත් කළ බව වාර්තා වෙයි.

පොලිස් නිලධාරීන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම සැකකරුට අමතරව තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇතැයි නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

වරාය අධිකාරියේ නව කළමණාකාර අධ්‍යක්ෂක වැඩ භාර ගනී

Admin

පා.ම නාලක ගොඩහේවාගේ නිවසටත් ගිනි තබයි – සංවේදී සටහනක්

colombotoday

අමිත ගමගේට නව තනතුරක්

colombotoday

ජනපති නියෝගය නිකුත් වෙයි.. අතුරුදන්වූවන්ගේ කාර්යාලය 15 සිට ක්‍රියාත්මකයි !

colombotoday

ගැටලු විසඳන්න බලධාරීන්ගේ මැදිහත්වීමක් නැහැ… – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අදත් වර්ජනයේ..

Admin

ඉන්ධන ඉල්ලා පංචිකාවත්තෙන් පාර වහයි – මාර්ග රැසක දැඩි වාහන තදබදයක්

colombotoday