Colombo Today Local News

දිලිදු දරුවන්ට නොමිලේ සීසන් ටිකට්

දිළිඳු දරුවන්ට කිසිදු මුදලක් නැතිව නොමිලේ සීසන් ටිකට් ලබා දීමටත් ගෙවීමේ හැකියාවක් ඇති අයට ගමන් ගාස්තුවෙන් තුනෙන් එකක් ගෙවා ඉතිරිය සහනාධාරයක් ලෙස ලබා දෙන්නත් කටයුතු කරන බව ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

පොළොන්නරුව දිස්ත්‍රික් සජබ මන්ත්‍රී කින්ස් නෙල්සන් මහතා ඇසූ පැනයකට පිළිතුරු දෙමින් බන්දුල ගුණවර්ධන මහතා මේ බව කීය.

ශිෂ්‍ය සීසන් සඳහා අය කළේ 9% ක් පමණක් බවද දැන් එය 30%ක් දක්වා අය කරගන්න යන බවට කතාවක් තිබෙන අතර එහි සත්‍යතාවයක් තිබේ දැයි කින්ස් නෙල්සන් මහතා ප්‍රශ්න කළේය.

ඊට පිළිතුරු දෙමින් බන්දුල ගුණවර්ධන මහතා කීවේ සිසුසැරිය ක්‍රියාත්මක කරන්නේ රජයෙන් ලැබෙන විශාල සහනාධාරයක් මත බවත් වර්ෂයකට බිලියන දෙකක් ඊට සහනාධාර ලෙස ලබා දෙන නමුත් රාජ්‍ය මූල්‍ය අර්බුදය නිසා ඒ මුදල් දෙන්න භාණ්ඩාගාරයට හැකියාවක් නැති බවයි. එවිට සිසු සැරිය පවත්වාගෙන යාම පිළිබඳව ගමනාගමන මණ්ඩලයට මෙන්ම පෞද්ගලික අංශයට විශාල ප්‍රශ්නයක් ඇතිවී තිබෙන බවද සීසන් ටිකට් පත් සඳහා විශාල සහනාධාරයක් දෙන විට යෙදවෙන බස් රථ ප්‍රමාණය අඩු වෙන බවද අමාත්‍යවරයා කීය.

ඒ නිසා මේ ගැන සොයා බලා තීන්දු ගැනීමට කැබිනට් අනුමැතියෙන් කමිටුවක් දමා තිබෙන බව කී අමාත්‍යවරයා සිසු සැරිය පවත්වාගෙන යාම සදහා ඩීසල් වියදම පියවා ගැනීමට වත් මේ ක්‍රමවේදය ක්‍රියාත්මක කරන බව සඳහන් කළේය.

Related posts

බංග්ලාදේශය එකට එක කරයි.. ගුවන්තොටේදී ශ්‍රීලාංකිකයන්ට වීසා නිකුත් කිරීම අත්හිටවයි !

colombotoday

IMF ගිවිසුම ගැන දින 3ක් පාර්ලිමේන්තු විවාදයට

Admin

ලක්ෂ 12ක මත්පෙති සමඟ දෙදෙනෙක් අත්අඩංගුවේ

Admin

සාමාන්‍ය බස් ගාස්තු අද මධ්‍යම රාත්‍රියේ සිට පහළට

colombotoday

වරාය රාජ්‍ය ඇමැතිට බලය පවරමින් ගැසට් නිවේදනයක්

colombotoday

මෙම වසරේ ගතවූ කාල සීමාව තුළ වෙඩි තැබීම්වලින් 19ක් මියගිහින්

Admin