Colombo Today Local News

පෞරාණික ස්ථානයක නිධන් හෑරූ 4ක් අල්ලයි

මන්නාරම, තාරාපුරම් ප්‍රදේශයේ පෞරාණික ස්ථානයක නිධන් හාරමින් සිටි පුද්ගලයින් සිව්දෙනෙකු භූමිය පරීක්ෂාකරන නවීන ස්කෑනර් යන්ත්‍රයක්ද සමඟින් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

නිධන් හාරමින් පිරිසක් සම්බන්ධයෙන් මන්නාරම පොලිස් විශේෂ කාර්ය බළකායට ලැබුණ තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි.

සැකකරුවන් සිව්දෙනා ස්කෑනර් යන්ත්‍රයෙන් භූමියේ ඇති පාෂාණ සහ ලෝහමය ද්‍රව්‍ය පරීක්ෂාකොට නිධන් හෑරීම සිදුකොට ඇති බවත් විශේෂ කාර්ය බලකාය පවසයි.

එලෙස ස්කෑනර් යන්ත්‍රයෙන් පරීක්ෂා කිරීමේදී අදාල ස්ථානයේ නිධන් වස්තු පවතින බවටවූ සැකයක් මත සැකකරුවන් නිදන් හෑරිම සිදුකොට ඇති බවත් විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.

සැකකරුවන් කැළණිය, කැකිරාව හා වැල්මිල්ල ප්‍රදේශයන්හි පදිංචි අවුරුදු 35ත් 46ත් අතර වයසේ පසුවන්නෝ වෙති.

Related posts

ජොන්ස්ටන්ට යළි ඇප

colombotoday

සූරියඅරණ ගගේ ගිලී පුද්ගලයෙක් අතුරුදන්

Admin

කළාප අනුව කරන්ට් කැපෙන පැය ගණනේ වෙනසක්

colombotoday

චීන රජයේ සහය අඛණ්ඩව ශ්‍රී ලංකාවට

Admin

දුම්රිය අංගනවල ඇති පරණ යකඩ ටෙන්ඩර් ක්‍රමයට විකුණන්න උපදෙස්

colombotoday

නව විශ්වාස භංගයක් ඉදිරිපත් කර හරියට සම්මත කරගන්න – ජනාධිපති පක්ෂ නායකයන්ට කියයි

colombotoday