Colombo Today Local News

“දූෂණ චූදිත සජින් වාස්ටත් ප්‍රභූ ආරක්ෂාව දීලා.. වෙනසට කැපවූ අය දැන් කළකිරිලා” – ඇමති රංජිත්

ranjith maddumabandara

සජින් ද වාස් ගුණවර්ධනට ප්‍රභූ ආරක්ෂාව ලබාදීම තමාට ද බරපතල ගැටළුවක් බවත් රජය එවැනි තීන්දුවක් ගත්තේ කුමන හේතුවක් මතද යන්න අපැහැදිලි බවත් රාජ්‍ය පරිපාලන හා කලමනාකරණ ඇමති රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි.

සජින් වාස්ට පමණක් නොව චෝදනා එල්ල වී ඇති කැබිනට් ඇමතිවරුන්ට පවා නීතිය කඩිනමින් ක්‍රියාත්මක වී ජනතාවට දුන් පොරොන්දු ඉටු කළ යුතු බවද අමාත්‍යවරයා පැවසී ය.

ජනවාරි 8 වෙනසට කැප වූ සිවිල් සමාජයේ බොහෝ දෙනා කලකිරීමට පත්ව සිටින බව තමා පිළිගන්නා බවත් දූෂිතයන්ට එරෙහිව නීතිය ක්‍රියාවේ නොයෙදවීමෙන් ගැලවීමක් ලබන්නට මේ ආණ්ඩුවට නොහැකි බවත් ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

හිරුණිකාගෙන් මලික්ට උණුසුම් හාදුවක්…

colombotoday

කිරිපිටි නමිත් මෙතෙක් කල් බී ඇත්තේ වස…

colombotoday

පොලිස් අත්අඩංගුවට පත් කාන්තාවක් රෝහල්ගත කළ පසු මියයයි

colombotoday

නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් ජුනි පළමු වැනිදා ඇරඹෙයි..

Admin

දිවයින පුරා වෛද්‍යවරු අද විරෝධයක

Admin

මංගල දැන්වීමකින් 67 හැවිරිදි පෙම්වතාට හමුවූ කත ලක්ෂ 69කට විදලා

Admin