Colombo Today Local News

පුංචි ඡන්දයට ජවිපෙ නෑ ! නව ඡන්ද ක්‍රමය ගේන්නේ අපිව දේශපාලනයෙන් ඉවත් කරන්නයි

anura-disanayake-02

විකෘති කරන ලද ඡන්ද ක්‍රමයකට මැතිවරණය පවත්වනනේ නම් තම පක්ෂය පළාත් පාලන මැතිවරණයට එක් නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවැසීය. එසේම ප්‍රධාන පක්ෂ දෙක හැරෙන්නට අනෙක් සියලු පක්ෂ දේශපාලනයෙන් ඉවත්කිරීමට මැතිවරණ ක්‍රමයෙන් සැලසුම් කරමින් තිබෙන බවත් ඔහු පැවැසීය.

නව ඡන්ද ක්‍රමය හඳුන්වාදීමට යන්නේ ප්‍රධාන පක්ෂ දෙකේ බලය තහවුරු කර ගැනිමට බවත් පළාත් පාලන මැතිවරණය කල් දමමින් තිබෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බෙදීම විසදා ගැනිමට බවත් ඔහු පැවැසීය.

ජනතාවට පළාත් පාලන පහිටුවා ගැනීමට ඇති අයිතය රජය විසින් උදුරාගෙන ඇති බවත් ඔහු පාර්ලිමේන්තුවේදී පැවැසීය. අලුත් ව්‍යවස්ථාව සමග නව ඡන්ද ක්‍රමයක් හඳුන්වාදිය හැකි බවත් සෑම පක්ෂයක්ම ආරක්ෂාවන පරිදි ඡන්ද ක්‍රමයක් පිළිබඳව සාකච්ඡා පවත්වා ඇති බවත් එයට අගමැතිවරයාද එකග වී අැති බවත් ඔහු පැවැසීය.

පසුගිය ආණ්ඩුවේ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය හඳුන්වාදුන් මැතිවරණ ක්‍රමය යටතේ මැතිවරණය නොපවත්වා පැරණි ක්‍රමය යටතේ පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතු බවද ඔහු පැවැසීය.

Related posts

සමුපකාර ගම්මානයකට මි.775ක් | රිෂාඩ්ගේ කාලේ තවත් වංචාවක්. විමර්ශන සී.අයි.ඩීයට.| අන්තවාදීන් පුහුණු කළාදැයි සැක.

colombotoday

දිනක් තුළ බස්නාහිර පළාතේ කළ වැටලීම්වලින් 389දෙනෙකු අත්අඩංගුවේ

colombotoday

ශ්‍රේෂ්ඨාධිකරණය වැඩ ලබන සඳුදා සිට

colombotoday

ගම්පොල උප නගරාධිපති ෆුර්කාන් සිදුකරන සංවිධානාත්මක ඉඩම් මංකොල්ල කෑමක් ගැන හෙළිදරව්වක්

colombotoday

ජනාධිපතිවරණය නොවැම්බර් 16

colombotoday

වැඩි පිරිසකට ප්‍රතිකාර කළ හැකි රෝහල් කඩිනමින් කොවිඩ් ප්‍රතිකාර සඳහා පවරා ගැනීමට තීරණයක්

colombotoday