Colombo Today Local News

ආහාර අහේනියක්… සහල්, අත්‍යවශ්‍ය ආහාර රටින් ගෙන්වන්නැයි ජනපති දන්වයි !

සහල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ පිටරටින් ගෙන්වීමට රජය තීරණය කර ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ගල්ගමුවේදී පැවති උත්සවයක් අමතමින් ජනාධිපතිවරයා සදහන් කළේ නියං තත්ත්වයෙන් ජනාතාව මුහුණ දී සිටින පීඩාව අවම කිරීම සදහා මෙම තීරණය ගත් බවයි.

මියන්මාරයෙන් සහ පාකිස්තානයෙන් සහල් මෙටි‍්‍රක් ටොන් ලක්‍ෂ දෙකක් ළඟදීම ගෙන්වන බව කී ජනාධිපතිවරයා තායිලන්තයෙනුත් සහල් තොග ගෙන්වීමට ඇනවුම් කර තිබෙන බව ප‍්‍රකාශ කළේය.

“නියඟය නිසා රටේ සහල් නිෂ්පාදනය සියයට පනහකින් වැටිලා. සියයට 50ක පසුබෑමක්. බොහෝ ප‍්‍රදේශවලට කන්න දෙකකින් වතුර නැහැ. වෙළෙඳපොලේ සහල් මිල වගේම එළවළු මිලත් ඉහළ ගිහිල්ලා. මේකෙ ප‍්‍රතිඵලයක් විදියට ජීවන වියදම ඉහළ ගිහින් තිබෙනවා“ යැයිද ජනාධිපතිවරයා එහිදී කියා සිටියේය.

Related posts

සජිත්ට දිවුරුම් දෙන්න විතරයි තියෙන්නේ

Admin

සහරාන් මිතුරු අලි සහීර් මවුලානා දර්ගා නගරයේ තාරික් ඇමට දී රට ගිනි තියන්න හදයි

colombotoday

TNA නායකයාට දෙමළ ජනතාව එරෙහි වෙයි.. යාපනයේදී එලවා දමයි..

colombotoday

බණ්ඩාරගම පල්ලියේ ප්‍රහාරයට ලක්වූ කාන්තාවගේ නිවස මුස්ලිම් ජාතිකයන් වට කරති

colombotoday

චමල්-නාමල් මැතිවරණ ප්‍රචාරක කටයුතු අත්හිටුවයි !

colombotoday

දැදුරු ඔය ද්‍රෝණියේ ගංවතුර අවධානම තවදුරටත්

Admin