Colombo Today Local News

මුස්ලිම් 7ක් ජාතික වීරයන් ලෙස නම් කරන්න.. ජනපතිගෙන් උපදෙස් !!

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ රාජද්‍රෝහී ලැයිස්තුවට ඇතුලත්ව සිටින මුස්ලිම් නායකයන් 7 දෙනෙකුගේ නම් එම ගැසට් නිවේදනයෙන් ඉවත් කිරීමට කටයුතු යොදන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අධිකරණ ඇමතිවරයාට උපදෙස් දී තිබේ.

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට එරෙහිව සිංහලේ නිදහස් සටන මෙහෙයවූ කැප්පෙටිපොළ මහ නිළමේ ඇතුළු ජාතික වීරයන්, රාජද්‍රෝහීන් ලෙස නම් කළ බ්‍රිතාන්‍ය ගැසට් පත්‍රය අවලංගු කර ඔවුන් ජාතික වීරයන් ලෙස ගැසට් කළ පරිදිම, මෙම මුස්ලිම් නායකයන් 7 දෙනා ගැනද තීරණයක් ගන්නා ලෙස පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීමේ රාජ්‍ය ඇමති එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා ජනාධිපතිවරයාගේ ඉල්ලා තිබිණි.

ඒ ඉල්ලීම අනුව ජනාධිපතිවරයා මෙසේ උපදෙස් දී ඇත. මෙම හත්දෙනාගෙන් හතර දෙනෙකු මඩකළපුවේ වන අතර, අනිත් දෙදෙනා ත්‍රිකුණාමලේ පුද්ගලයන් බව පැවසේ.

 

Related posts

කළුගඟේ මැණික් නිධානය රකින්න STF යොදවයි…

colombotoday

“මට තවත් ඉතිරිව ඇත්තේ දින කිහිපයයි“ ජනමාධ්‍ය ලේකම්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්.

colombotoday

ගෝඨා සහ හිටපු හමුදාපතිවරු උසාවි ගෙනයෑම ගැන ජනපතිගේ විරෝධය.. අගමැති පිලට දැඩි ප්‍රහාරයක්

colombotoday

රුපියල් දහසේ අලුත් මුදල් නෝට්ටුවක්

colombotoday

පරෙවිපංචාන් හමුදා කඳවුර ඉවත් කෙරේ

colombotoday

තවත් ප්‍රදේශ දෙකකදී වෙඩි තැබීම්

colombotoday