Colombo Today Local News

ඉතිහාසයේ මුල්වරට ත්‍රෛනිකායික මහා සංඝ සභාවක් ඇමතීමේ භාග්‍ය ලැබූ දමිළ සහෘදයා !

පසුගිය ජූලි 04 වනදා සියම්, අමරපුර, රාමාඤ්ඥ යන තුන්නිකායික මහා නාහිමිවරුන් ප්‍රමුඛ සංඝ සභාවන් අස්ගිරි මහා විහාරයට රැස්වූයේ රටත්, ජාතියත්, සසුනත් මේ මොහොතේ මුහුණ දෙමින් සිටින බරපතල අනතුරුදායක් තත්ත්වය පිළිබදව තීරණාක්මක කතාබහක් සදහාය. එම හමුවේදී මින් පෙර නොවූ එක්තරා ඓතිහාසික සිදුවීමක්ද සිදු විය.

ඒ බෞද්ධ නොවන අයෙකුට තුන් නිකායේම අතිපූජ්‍ය මහා නාහිමිවරුන්, අනුනාහිමිවරුන් ඉදිරියේ සිය අදහස් දැක්වීමට අවස්ථාව ලබා දී තිබීමයි. එම ඓතිහාසික දුර්ලභ අවස්ථාව හිමිවූයේ සැබෑ සංහිදියාවක් වෙනුවෙන් බෞද්ධ – හින්දු එකමුතුව ගොඩනැගීම සදහා කැපවී කටයුතු කරන ශ්‍රී ලංකා හින්දු සම්මේලනයේ සභාපති එන්. අරූන්කාන්තන් මහතාට ය.

ඒ පිළිබදව Colombotoday සමග අදහස් දක්වමින් අරූන්කාන්තන් මහතා සදහන් කළේ, සමස්ථ හින්දු ප්‍රජාවම නියෝජනය කරමින් මෙම අවස්ථාවට තමන්ට සහභාගී වීමට ලැබීම මෙරට බෞද්ධ – හින්දු එකමුතුව ගොඩනැගීමේ සුවිශේෂී සංධිස්ථානයක් මෙන්ම මහත් ගෞරවයක් බවයි. එය තම පුද්ගලික ජීවිතයේද ලද භාග්‍යයසම්පන්න සිදුවීමක් යැයිද ඒ මහතා ගෞරවයෙන් සිහිපත් කළේය.

උතුරු නැගෙනහිර පළාත්වල සිදුවන පුරාවස්තු සංහාරය, නැගෙනහිර පළාතේ ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායම්වලින් සුළුතර හින්දු ප්‍රජාවට, කෝවිල්වලට සිදුවන හිරිහැර, අන්‍යාගම්කරණය ඇතුළු රටපුරා බෞද්ධ මෙන්ම හින්දු ජනතාවද මුහුණ දී සිටින ගැටළු සම්බන්ධයෙන් මහා නාහිමිවරුන් දැනුවත් කිරීමට තමන්ට අවස්ථාව ලැබුණු බවද ඒ මහතා සදහන් කර සිටියේය.

අන්තවාදය, අන්‍යාගම්කරණය හා බෙදුම්වාදයට එරෙහිව බෞද්ධ සහ හින්දු ප්‍රජාව එකට එක්වී කටයුතු කිරීමේ අවශ්‍යතාවය සහ එහි වැදගත්කමද තමන් එහිදී මහානාහිමිවරුන් ඉදිරියේ ප්‍රකාශ කර සිටි බවද අරූන්කාන්තන් මහතා කියා සිටියේය. මහා සංඝරත්නයේද අනුශාසනාවන්ට එකගව ඉදිරියේදී බෞද්ධ – හින්දු එකමුතුව වර්ධනය කිරීම සදහා හින්දු සම්මේලනය කැපවී ක්‍රියාකරන බවද හෙතෙම අවධාරණය කර සිටියේය.

Related posts

පාසල් වසා දැමීම තවත් සතියකින් දීර්ඝ කරයි

colombotoday

එජාප ආණ්ඩුවක් හදන්න ජනපති එකග වෙයි

colombotoday

අතිරේක සොලිසිටර් ජනරාල්වරුන් 07ක් ජනාධිපති නීතිඥවරුන් ලෙස පත්කරයි

colombotoday

රනිල්ට කළගුණ සලකන්න – නිමල් ලංසා ජනතාවගෙන් ඉල්ලයි

Admin

රාජිතගෙන් යළිත් අපේක්ෂිත ඇප අයැදුම්පතක්

colombotoday

හඳුනා ගැනීමේ පෙරට්ටුවේදී මිරිහානේ සැකකරුවන් හඳුනා ගැනීමට තවම බැරි වෙයි

colombotoday