Colombo Today Local News

ඉන්දියාවට එරෙහි කිසිදු තර්ජනයකට ශ්‍රී ලංකාව පාදක කර ගැනීමට ඉඩ දෙන්නෙ නෑ – ජනපති රනිල් විදෙස් මාධ්‍යට කියයි

ඉන්දියාවට එරෙහි කිසිදු තර්ජනයක් සඳහා ශ්‍රී ලංකාව පාදක කර ගැනීමට ඉඩ ලබා නොදෙන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රංශයේදී ප්‍රකාශ කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ජනාධිපතිවරයා පසුගියදා ප්‍රංශයේ සංචාරයක නිරත වූ අතර එහිදී ප්‍රංශ මාධ්‍ය ආයතනයක් සමග සාකච්ඡාවක් ද පවත්වා තිබුණි.

එම මාධ්‍ය හමුව උපුටා දක්වමිනුයි ඉන්දීය මාධ්‍ය එලෙස වාර්තා කර ඇත්තේ.

ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් ද එම සාකච්ඡාවේදී වැඩි වශයෙන් අවදානයට ලක් වු බවයි.

වසර 1500ක පමණ කාලයක සිට චීන ජාතිකයන් ශ්‍රී ලංකාවේ සිටි බවත් මෙතෙක් කිසිදු හමුදා කඳවුරක් නොතිබූ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

එසේම චීනය සමග කිසිදු හමුදා ගිවිසුමක් නොමැති බවත්, ඉන්දියාවට එරෙහි කිසිදු තර්ජනයක් සඳහා ශ්‍රී ලංකාව යොදා ගැනීමට තමා ඉඩ නොදෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබේ.

ශ්‍රී ලංකාව මධ්‍යස්ත රටක් ලෙසට ප්‍රකාශ කර ඇති ජනාධිපතිවරයා මාධ්‍යවේදියාගේ ප්‍රශ්නාවලට පිළිතුරු ලබා දෙමින් සඳහන් කර ඇත්තේ චීනය සමග කිසිදු යුද ගිවිසුමක් නොමැති බවයි.

එසේම එවැන්නක් ඇති නොවන බවත්, යුද ගිවිසුමක් සඳහා චීනය යෝජනා කරනු ඇති බවට ද තමා විශ්වාස නොකරන බවත් වැඩි දුරටත් අදහස් දක්වමින් ජනපතිවරයා ප්‍රකාශ කර තිබේ.

Related posts

සංචාරක වීසා මගින් පැමිණ කම්කරු රැකියාවේ නිරතව සිටි චීන්නු 14කට වසරක සිරදඩුවම්

colombotoday

එක්නැලිගොඩ නැවතත් කරළියට.. මූලික පරීක්ෂණ විභාගය යළි අරඹයි !

colombotoday

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර ශ්‍රේෂ්ඨාධිකරණයට එයි

Admin

මල්වඩම් ගැන කතා කරන අයට දකුණට මළමිනී ඒම නතර කරපු නායකයා අමතක වෙලා – නිරෝෂන් ප්‍රෙම්රත්න

colombotoday

මුදල් මංගලට, විදේශ කටයුතු රවීට !!

colombotoday

“ටොප් 10“ හොරු.. ලයිස්තුවේ අංක 7 ට හැරිසන්

colombotoday