Colombo Today Local News

යුද හමුදා බසයක ගැටුනු තුන් හැවිරිදි දැරියක් මිය යයි

යුද හමුදාවට පවරාගත් බස් රථයක් අද අළුයම ස්කූටරයක ගැටී එහි ගමන් ගත් තුන් හැවිරිදි දැරියක එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇතැයි බණ්ඩාරගම පොලීසිය කියයි.

අනතුරින් මියගොස් ඇත්තේ රයිගම කැලේ කඩේ පාර ප්‍රදේශයේ පදිංචිව සිටි ඉසදි දෙනෙත්මා සපුගේ නැමැති තුන් හැවිරිදි දැරියයි.

බණ්ඩාරගම සමුපාකාර සමිති ප්‍රධාන කාර්යාලයේ ගණකාධිකාරිවරිය වන මියගිය දැරියගේ මව දැරිය ස්කූටරේ නංවාගෙන කාර්යාලය වෙත පැමිණෙමින් සිටියදී එම සමුපාකාර කාර්යාලය ඉදිරිපිට දී මෙම අනතුර ව ඇත.

කළුතර සිට යුද හමුදා මූලස්ථානයට සහ ආරක්ෂක අමාත්‍යාංශයට කාර්ය මණ්ඩලයේ රැගෙන යමින් සිටි බස් රථය බණ්ඩාරගම සිට කැස්බෑව දෙසට ධාවනය කරද්දී මාර්ගය මැදදී ස්කූටරේ ගැටි මෙම අනතුර සිදුවී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අනතුරක් සමඟ වහා ක්‍රියාත්මක වූ ප්‍රදේශවාසීන් බරපතළ තුවාල ලබා සිටි දැරිය සහ මව බණ්ඩාරගම දිසා රෝහල වෙත රැගෙන විත් ඇති අතර ඒ වන විටත් දැරිය ජීවිතක්ෂයට පත්ව තිබූ බව වාර්තා වේ.

Related posts

STF කඳවුරු 3ක් හුදකලා කරයි

colombotoday

හිඟ ඖෂධ වර්ග 60ක් පෞද්ගලික අංශයෙන් ගන්න රෝහල්වලට ප්‍රතිපාදන

Admin

හරීන් අගරදගුරුතුමා සම්බන්ධව කළ විවේචනාත්මක ප්‍රකාශය සමගි ජනබලවේගය කළඹයි

colombotoday

වසර 30 ක් තිස්සේම වසා දමා තිබූ කන්තලේ සීනී සමාගම යළි ආරම්භ කිරීමට සූදානම් !

colombotoday

අද බදුලු යන සියලු දුම්රිය ධාවනය වෙන්නේ නානුඔයට පමණයි

Admin

නව නීතියෙන් ධර්මපාල චින්තනයටත් වැට… හැඟිම් ඇවිස්සෙන කතා කළොත් වසර දෙකක් සිරගෙට

colombotoday