Colombo Today Local News

“එල්ටීටීඊකාරයකුට ටෙලිකොම් විකුණන්න යන්නේ”

ජනාධිපතිතුමා ටෙලිකොම් ආයතනය විකුණන්න හදන්නේ හිටපු එල්ටීටීඊකාරයකුට යැයි ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී අද (22)දින පැවසීය.

ඔහු එංගලන්තයේදී එම එල්ටීටීඊ කාරයා සමග මේ ගැන සාකච්ඡා කර ඇතැයි පැවසූ මන්ත්‍රීවරයා අද රාජපක්ෂ බබෙකු වැල් පාලමේ ගෙනයෑමට උත්සාහ දරන බවද සඳහන් කළේය.

ෆොන්සේකා මහතා මෙසේ පැවසුවේ ජනාධිපතිවරයා ජාතිය අමතා කළ කතාව පිළිබඳ සභාව කල්තබන අවස්ථාවේ විවාදයේදීය.

සරත් ෆොන්සේකා මහතා මෙසේද පැවසීය…

“අද නීතිය ගැන කතා කරලා වැඩක් නැහැ. අපි දැක්කා රත්තරන් හොරා ආරක්ෂා කරලා මේ සභාවට ගෙනාපු විදිය. මේවා කරලා සමාජ පරිවර්තන කරන්න බැහැ. මිනිස්සුන්ට කන්න බොන්න නැතිව හොම්බෙන් ගිහිල්ලා තියෙනවා. දුෂ්කර තත්වය තේරුම් ගන්න කියලා ජනතාවට කියනවා. එතුමට මේ දුෂ්කර මාර්ගය තේරුම් ගිහින් තියෙන්නෙ අවුරුදු හතළිහකට පස්සේ. දේශීය සම්පත් විකුණන එකට විරුද්ධ වෙන්න එපා කියලාත් එතුමා කියනවා. මේක යකාගෙ කතාවක්. ඔහු ටෙලිකොම් ආයතනය විකුණන්න බලාපොරොත්තු වෙන පුද්ගලයා එංගලන්තයේදී හමුවෙලා තියෙනවා. එයා තමයි එල්ටීටීඊ සංවිධානය වෙනුවෙන් අතීතයේදී මුදල් හුවමාරු කළ පුද්ගලයා. එතුමාට රූපවාහිනී ආයතනයකුත් මෙහෙ තියෙනවා. ඒ එල් ටී ටී කාරයට තමයි මෙයා මේ ටෙලිකොම් ආයතනය විකුණන්න යන්නේ.

කැරට් දීලා දීලා ජනතාව රවට්ටනවා. එතුමා ඉන්නේ සිහින ලෝකයක. අද රාජපක්ෂ බබෙක් වැල් පාලමේ ගෙනියන්න හදනවා. ජනතාවට කන්න බොන්න දෙන්න පුළුවන් සැලසුමක් මෙයාට නෑ. සැලැස්මක් නැතුව අඳුරේ අතපත ගානවා. විවිධ පනත් ගෙනවිත් ජනතාව මර්දනය කරන්න හදනවා. මාධ්‍ය ආයතනවලින් පළිගන්න හදනවා. මේ රටේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය අන්ත දූෂිතයි. එහෙම තියෙද්දි දූෂණ විරෝධී පනතක් ගේන්න හදනවා. මෙතුමා ජීවත් වෙන්න හදන්නේ හිට්ලර් කෙනකු විදිහටයි.”

Related posts

ඉන්ධන නැවක් ආපහු හැරී යයි

Admin

ජනපතිගේ බැදුම්කර ප්‍රකාශය මහ ප්‍රෝඩාවක්.. රටම අන්දන්න ලේකම්වරයෙක් ලියූ ප්‍රබන්ධයක් !

colombotoday

ලෝක සාමය වෙනුවෙන් දිවිපිදූ ලක් විරුවෙකුට UN හරසර

colombotoday

ප්‍රසන්න, දිලුම් නෙරපයි.. SLFP සංවිධායකවරු 26ක් පත්කරයි

colombotoday

ගං වතුරෙන් කුඹුරු අක්කර 35,000 ක් විනාශයි

colombotoday

විදේශය සංචාරකයන්ගේ පැමිණීම සියයට එකසිය හැත්තෑපහ ඉක්මවයි

Admin