Colombo Today Local News

ඉඟිනියාගල සිසුවියන් දෙදෙනෙක් අතුරුදන්

අම්පාර ඉඟිනියාගල පොල්වත්ත ප්‍රදේශයේ පාසල් සිසුවියන් දෙදෙනෙකු පසුගිය (15) දින සිට අතුරුදන්ව ඇතැයි ඉඟිනියාගල පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇති බව පොලිසිය කියයි.

අතුරුදන්ව ඇත්තේ බී.ජී.අශානි විශ්මිකා සහ ආර්.එම්.පවීෂා නෙත්මිණි නැමති සමීප ඇසුරක් පැවැත්වූ සිසුවියෝ වෙති.

මෙම සිසුවියන් දෙදෙනා උපකාරක පන්තියකට යන බව පවසා ඉකුත් 15 දින නිවසින් පිටව ගොස් ඇති අතර කිසිදු තොරතුරක් දැන ගැනීමට නොහැකි වී ඇතැයි මව්පියෝ පවසති.

ඉඟිනියාගල පොල්වත්ත මහා විද්‍යාලයේ 11 ශ්‍රේණියේ මෙම සිසුවියන් ඉගෙනුම ලබන අතර 15 දින උදෑසන අශානි නැමැත්තිය පවීෂා‍ගේ නිවසට පැමිණ තම මිතුරියද සමග උපකාරක පන්තියකට යන බව පවසා කැදවාගෙන ගොස් ගොස් තිබේ.

මෙවුන් නිවෙසට නොපැමිණීම සම්බන්ධයෙන් ඔවුන්ගේ මව්පියන් පොලිසිය පැමිණිලි කර ඇත.

Related posts

විද්‍යා ඝාතන පරීක්ෂණය ඇමතිනී විජයකලා දෙසට හැරෙයි.. අධිකරණයෙන් නියෝගයක් !

colombotoday

බම්බලපිටියේ වෙඩි තැබීම ගැන මුදල් රාජ්‍ය ඇමති කඩිනම් වාර්තාවක් ඉල්ලයි

Admin

අලුත් වනජීවී ඇමති සහ උප ඇමති නිසා වන ජීවීනුත් අවදානමේ !

colombotoday

දෙමළ ජනතාවගේ බලාපොරොත්තු ඉටු කිරීම ශ්‍රී ලංකාවේ යහපතට හොදයි.

colombotoday

හමුදාවේ ප්‍රධානියා ලබන 27 CID ට කැදවයි…

colombotoday

පාස්කු ප‍්‍රහාරය ගැන සත්‍යය හෙළි නොකරන කිසිම ජනාධිපති අපේක්‍ෂකයෙක් මා හමුවීමට එන්න එපා – මැල්කම් රංජිත් අගරදගුරුතුමා කියති

colombotoday