Colombo Today Local News

අබුඩාබි බඩු නැවේ ඉංජිනේරුවා ගාල්ල ධීවර වරායේ දී මුහුදට වැටී මරුට

ගාල්ල ධීවර වරායේ නැංගුරම්ලා තිබූ අබුඩාබි රාජ්‍යයට අයත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක ප්‍රධාන ඉංජිනේරුවරයා එම නෞකාවේ ඉහළ මහලේ සිටියදී අද අළුයම මුහුදට ඇද වැටී මිය ගොස් ඇතැයි වරාය පොලීසිය කියයි.

මුහුදට ඇද වැටුණු ප්‍රධාන ඉංජිනේරුවරයා නෞකාවේ කාර්ය මණ්ඩලය විසින් වහා ගොඩට ගෙන කරාපිටිය රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය බව වාර්තා වේ.

මෙසේ මියගොස් ඇත්තේ ලිතුවේනියානු ජාතික 62 හැවිරිදි ප්‍රධාන ඉංජිනේරුවරයෙකි.

අයහපත් කාලගුණික තත්වය නිසා මෙම නෞකාව පසුගිය 29 වැනිදා සිට ගාල්ල ධීවර වරායේ නැංගුරම් ලා තිබිණි යැයි පොලිසිය කියයි.

භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ ප්‍රධාන ඉංජිනේරුවරයා ඉහල මහලට නැග කිසියම් කටයුත්තක නිරතව සිටියදී මුහුදට ඇද වැටී තිබෙන බවට තොරතුරු පරීක්ෂණවලින් හෙළි වී ඇතැයි පොලිසිය පවසයි.

Related posts

තෙල් ටැංකි රථ හිමියන් වර්ජනය අත්හරී

colombotoday

අධි බලැති පුපුරණ ද්‍රව්‍ය, ඉස්ලාම් ආගමික පොත් සමග මුස්ලිම් ජාතිකයන් 4ක් වනාතවිල්ලුවෙන් අල්ලයි

colombotoday

මධ්‍යම අධිවේගයේ දූෂණ හොයන කෝප් පරීක්ෂණවලට කිරිඇල්ලගෙන් බාධා !

colombotoday

ඇමති අනුකමිටු වාර්තාව එයි.. IOC බේරා ඛණිජ තෙල් සංස්ථාව මත වරද පටවයි !

colombotoday

පුරුදු තැනින් ම ගෑස් ගන්න ජනපතිගේ යෝජනාවට කැබිනට් අනුමැතිය

Admin

ගිනි අවියක් සමග සැකකරුවන් 06ක් අත්අඩංගුවට

colombotoday