World

අළුත් ජනපතිට පුටුව දී හිටපු ජනපති රටින් පලා යයි !

අසල්වාසී රාජ්‍යයන්ගෙන් එල්ලවූ තර්ජන සමග පසුගිය ජනාධිපතිවරයෙන් පරාජයට පත් ගැම්බියා ජනපති යහ්යා ජම්මෙහ් නව නායකයාට අවස්ථාව ලබාදෙමින් රට හැර යයි.

වසර 22ක කාලයක් අඛණ්ඩව බලයේ සිටි ජම්මෙහ් සමකාසන්නයේ පිහිටි ගිනියාව වෙත ඊයේ රාත්‍රී ගුවන්ගත වූ බව තහවුරු වී තිබේ.

පසුගිය දෙසැම්බර් මාසයේ පැවති ජනාධිපතිවරණයෙන් ජම්මෙහ් අඩමා බැරොව් ඉදිරියේ පරාජයට පත්වුවත්, මැතිවරණ ප්‍රතිඵලයට අභියෝග කරමින් බලය අත්හැරීම ඔහු ප්‍රතික්ෂේප කළේය.

කෙසේ වෙතත්, අවසානයේදී බැරොව් සෙනගාලය වෙත පැමිණ, එරට පිහිටි ගැම්බියා තානාපති කාර්යාලයේදී ගැම්බියාවේ නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙන ලදී.

එහිදී, ජමමෙහ් බලය අත්නොහැර සිටි පසුබිමක අප්‍රිකානු කලාපයේ නායකයන් රැසක් එරටට පැමිණ ඔහුට බලය අත්හරින ලෙස ඉල්ලීම් කළත් ඔහු ජනාධිපති බලතල ප්‍රයෝජනයට ගෙන එරට පාර්ලිමේන්තුවටද අභියෝග කර තිබුණි.

මේ තත්ත්වය තුළ සෙනගාලය, නයිජීරියාව ආදී බටහිර අප්‍රිකානු රාජ්‍යයන් ගැම්බියා දේශසීමා වෙත තම හමුදා පිටත්කර හරිමින් හමුදාමය බලය යොදා ජෙම්මෙහ් බලයෙන් පහ කිරීමට පසුගිය දින කිහිපය තුළ සූදානම් විය.

එම හමුදාවන්ට මුහුණදීමට තරම් ශක්තියක් නොවූ ජෙම්මෙහ් අවසානයේදී බලය අත්හැරීමට තීරණය කරමින්, ගිනියාව වෙත පැන ගියේය.

ඒ අනුව, බටහිර අප්‍රිකානු රාජ්‍යයන් ගැම්බියාව සිදුකිරීමට ගිය හමුදා මෙහෙයුම මේ වනවිට අවසන්ව ඇති බව එම රාජ්‍යයන් එකමුතුවේ ප්‍රධානීන් පවසා තිබුණි.

Related posts

ඉන්දියාවේ ක්ලෝරීන් ඩයොක්සයිඩ් කර්මාන්ත ශාලාවක ගින්නක්

colombotoday

විල්පත්තු සංහාරයට මුදල් දුන් කටාර් රජුගේ දියණිය, පිරිමින් 7ක් එක්ක සංවාසයේ යෙදෙත්දී ලන්ඩන් පොලීසියට හසුවේ

colombotoday

තලේබාන් සංවිධානය නැවත බලයට පත්වීමෙන් පසු ඇෆ්ගනිස්ථානයට පළමු වරට චීන තානාපතිවරයෙක්

Admin

“බරපතල යුධමය ප්‍රතිවිපාකවලට මුහුණ දෙන්න වේවි.” රුසියාව ෆින්ලන්තයටත් තර්ජනය කරයි

colombotoday

ශිෂ්‍යභට උපාධි ප්‍රදානෝත්සවයකට ඩ්‍රෝන ප්‍රහාරයක් – සිරියාවේ 100ක් මරුට

Admin

තායිවානය වෙනුවෙන් බයිඩ්න්ගෙන් චීනයට අනතුරු ඇඟවීමක්

colombotoday