Colombo Today Local News

“ඇමතිවරු “සිංගල් එන්ජින්” හෙලිකොප්ටරෙන් ගමන් යන්නේ යහපාලනය නිසයි” – ඇමති සජිත්

Sajith 12

ඇමතිවරුන් ගමන් බිමන් යෑම සදහා රජයේ හෙළිකොප්ටර් වෙනුවට සිංගල් එන්ජින්, පුද්ගලික හෙළිකොප්ටර් භාවිතා කරන්නේ යහපාලනය උදාවී ඇති නිසා බව නිවාස ඇමති සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

නවීන් දිසානායක සහ ඉන්දික බණ්ඩාරනායක යන ඇමතිවරුන් සමග තමන් ගමන්ගත් පුද්ලික හෙළිකොප්ටර් යානය නුවරඑළියේදී හදිසියේ එළවළු වගා බිමිකට ගොඩබැස්වීම සම්බන්ධයෙන් අදහස් දක්වමිනුයි ඇමතිවරයා මේ බව සදහන් කළේ.

පෞද්ගලික හෙලිකොප්ටර් යානයක ගමන් කළේ ඇයි දැයි තමාගෙන් බොහො දෙනා විමසන බවත් යහපාලන රජයේ ක්‍රියා පිළිවෙත අනුව රජයේ හෙලිකොප්ටර් රථයක ගමන් කළ හැක්කේ ජනපතිවරයාට හෝ අග්‍රාමාත්‍යවරයාට පමණක් බව ඒ මහතා ප්‍රකාශ කළා.

දයා ගමගේ මහතාට පිං සිද්ධ වෙන්න සිංගල් එන්ජින් හෙලිකොප්ටර් එකක අපි ගියා.මගෙන් අහන ප්‍රශ්ණය තමයි සිංගල් එන්ජින් හෙලිකොප්ටරයක යනකොට අන්තරාදයක නැද්ද ජීවිතයත් එක්ක සෙල්ලමක්ද කළේ? මටත් තිබුණා බෙල් ටූ වන් ටූ එකක් ඕඩර් කරන්න ලේකම් තුමියට කියන්න ගෙවල් හදන්න තියන සල්ලි වලින් බිල ගෙවන්න. නුවර එළියට යන්න රජයේ හෙලිකොපටර් පාවිච්චි කළා නම් ඒකේ බිල ගෙවන විට නිවාස නොමැති ප්‍රතිලාභින් ගණනාවකට මුදල් අහිමි වෙනවා ඇයි ඇමතිවරයට බිල ගෙවන්න ඔන්න මිත්‍රවරුනි යහපාලනය යැයි ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

Related posts

වෙනම රටක් ඉල්ලන්න සිවාජලිංගම් ජිනීවා යයි

colombotoday

“මට සරුවාංගයක් තියෙනවා, මධ්‍යම ස්නායු පද්ධතියක් තියෙනවා.” – කොන්දේසි ගැන සජිත් කියයි

colombotoday

පාර්ලිමේන්තුව යටවීමේ අවදානමක්.. ආරක්ෂක අංශ සීරුවෙන්.. වැලි කොට්ට සූදානම්

colombotoday

අපි ‘Adult’s only‘ පෙන්වන්නේ ලෝක සම්මතයන් අනුවයි.. සතුටුවන්න, වෙනස විදගන්න“ – ITN සභාපති

colombotoday

කල්පිටියෙන් ඇල්ලූ මිලියන 60 කහ තොගය

colombotoday

2002 අලි කොටි ගිවිසුම සහ 2019 ව්‍යවස්ථා මර උගුල ඇසුරෙන් ජවිපෙ ඩීල්වාදය තේරුම් ගනිමු.

colombotoday