Colombo Today Local News

රුසියා ජනපති පුටින්ගෙන් ශ්‍රී ලංකා ජනපතිට ඓතිහාසික තිළිණයක් ! (PHOTOS)

රුසියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මහතා අතර නිල හමුව අද (23) පස්වරුවේ සිදු වූ අතර එම හමුවේ විශේෂ මතක සැමරුමක් ලෙස ව්ලැඩ්මිර් පුටින් මහතාගෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත සුවිශේෂී තිළිණයක් පිරිනැමිණි.

19 වන සියවසට අයත් මහනුවර යුගයේ රාජකීය කස්තානයක් මෙලෙස ව්ලැඩ්මිර් පුටින් මහතා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූ අතර 1906 දී පමණ එංගලන්තය වෙත රැගෙන ගොස් ඇති මෙම කස්තානය එංගලන්තයේ පැවති Sotheby නම් කෞතුක භාණ්ඩ වෙන්දේසියේදී රුසියාව මිලදී ගෙන තිබේ.

දෙරට අතර සමීප සබදතාවය සංකේතවත් කරමින් එම ඓතිහාසික කස්තානය ජනාධිපති වැල්ඩිමිර් පුටින් මහතා විසින් ශ්‍රී ලංකා ජනාධිපතිතුමා වෙත මෙලෙස පිළිගන්වනු ලැබීය.

( ඡායාරූප : සුදත් සිල්වා)

Related posts

විජේදාස රාජපක්ෂ තක්කඩි දේශපාලකයෙක්. ඔහුගේ මොලේ චෙක් කරන්න | මුජුබර් රහුමාන් කියයි

colombotoday

ගජමුතු විකුණන්න ගිහින් ගුරුවරියක ඇතුළු හතරක් මාට්ටු

Admin

ප්‍රදේශ කිහිපයකට ජල බිල්පත SMS මගින්

Admin

හිටපු ජනාධිපති මෛත්‍රීට කොවිඩ්

Admin

රථවාහන හැසිරවීමේ රාජකාරියට යුද හමුදාව කැදවයි !

colombotoday

74 වැනි නිදහස් සැමරුමට පොලිසියෙන් පැළ දස ලක්ෂයක්

colombotoday