Colombo Today Local News

සීනි සහ තිරිඟු පිටි මිල ඉහළට

සීනි සහ තිරිඟු පිටි මිල ගණන් ඉහළ දමා ඇතැයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

සීනි කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 25කින් ඉහළ දමා ඇති බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති නිහාල් සෙනෙවිරත්න මහතා සඳහන් කරයි.

මීට පෙර සීනි කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 225ක් වූ අතර එහි නව මිල රුපියල් 250 කි.

ඉන්දියාව සීනි අපනයනය සීමා කිරීම, එලෙස මිල ගණන් ඉහළ දැමීමට හේතුවී ඇතැයි ඔහු සඳහන් කළේ ය.

මේ අතර, තිරිඟු පිටි කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 10 කින් ඉහළ දමා තිබේ.

ඒ අනුව තිරිගු පිටි කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 210 ක් දක්වා ඉහළ යන බව පවසයි.

තිරිගුපිටි සඳහා පනවා තිබූ රුපියල් 03 ක බදු සහනය ඉවත් කිරීම, ඊට හේතුවී තිබේ.

Related posts

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව අධ්‍යක්ෂ ජනරාල් රාජකාරී ආරඹයි

colombotoday

එදා රතුපස්වල කදුළු විකුණන් කෑ ජවිපෙ අද තඹුත්තේගම ගොවීන්ට පහරදීම ගැන නිහඩයි !

colombotoday

ඇල්ල ප්‍රාදේශීය සභාවේ අයවැය වැඩි ඡන්ද 7 කින් පරදී

colombotoday

රෝ ඔත්තු සේවයට සම්බන්ධ ඇමතිලා හතරක් යහපාලන කැබිනට්ටුවේ…

colombotoday

රාජපක්ෂලා රනිල් එක්ක ඩීල් දාලා.. පාද යාත්‍රාවත් ඩීල් එකක් – අනුර දිසානායක

colombotoday

දේශීය ආදායම් පනත අද සිට බලාත්මකයි

Admin