ලොව පවතින සංචාරක සමුළු අතරේ ප්‍රධාන තැනක් හිමි අරාබි සංචාරක සමුළුව ඊයේ (03)දින ආරම්භ විය.
අරාබි සංචාරක සමුළුවට අරාබිකරයේ සිටින සංචාරක ක්ෂෙත්රයට සම්බන්ධ ප්‍රධාන පෙලේ සියලුම ආයතන එක්ව සිටි බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.
මේ සදහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රි ලංකා තානාපති උදය ඉන්ද්‍රරත්න, ශ්‍රී ලංකා සංචාරක උපදේශන කමිටුවේ සභාපති පණ්ඩුක කීර්තිනන්ද, ශ්‍රි ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ අධ්යක්ෂ ජනරාල් පද්මා සිරිවර්ධන, අධ්යක්ෂ දුශාන් වික්‍රමසිංහ හා නලින් ජයසුන්දර යන මහත්ම මහත්මීන් සහභාගි වූහ.