Colombo Today Local News

පා. මන්ත්‍රී ජයරත්න හේරත්ගේ ඩිෆෙන්ඩර් රථය ලොරියක ගැටෙයි

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයරත්න හේරත් මහතා ගමන් ගත් ඩිෆෙන්ඩර් ජීප් රථය වාරියපොල දී කුඩා ප්‍රමාණයේ ලොරි රථයක ගැටීමෙන් ලොරි රථයේ රියදුරා සහ එහි සිටි පුද්ගලයන් පස් දෙනකු තුවාල ලබා වාරියපොල රෝහලට ඇතුළත් කර ඇතැයි වාරියපොළ පොලිසිය පවසයි.

මෙම අනතුරෙන් මන්ත්‍රීවරයාට කිසිදුහානියක් සිදුවී නොමැති අතර ඔහු ගමන්ගත් ජීප් රථය පැදවූ හැට හත් හැවිරිදි රියදුරා ද තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පවසයි.

මන්ත්‍රීවරයා ගමන්ගත් ජීප් රථය පදවා ඇත්තේ විශ්‍රාමික පොලිස් සැරයන්වරයෙකි.

පෞද්ගලික බැංකුව ඉදිරිපිට නතර කර තිබූ කුඩා ප්‍රමාණයේ ලොරි රථය එක්වරම මාර්ගයට ගැනීමට යාමේදී මෙම අනතුර සිදුවී ඇති බව පරීක්ෂණවලින් පෙනී ගියේ යැයි එම උසස් පොලිස් නිලධාරියා කියයි.

තුවාල ලැබූවන් රෝහල්ගත කිරීමට මන්ත්‍රීවරයාද සහය ලබාදී ඇත.

පසුව මන්ත්‍රීවරයා වෙනත් රථයක් ගෙන්වා ගෙන එහි නැගී පිටත්ව ගොස් ඇතැයි පොලිසිය කියයි.

Related posts

ශ්‍රී ලංකා ටෙලිකොම්, එටිසලාට් සමාගම මිළදී ගන්න යයි.. ගනුදෙනුව යට දූෂිත මගඩියක් !

colombotoday

හඳුනා ගැනීමේ පෙරට්ටුවේදී මිරිහානේ සැකකරුවන් හඳුනා ගැනීමට තවම බැරි වෙයි

colombotoday

මුලතිව් විහාරස්ථාන රැකදෙන ලෙස ඉල්ලමින් උද්ඝෝෂණයක්.

colombotoday

නව කැබිනට් මණ්ඩලයක් ලබන සතියේදී

colombotoday

පියසිරි – වීරකුමාර, විමල් අතහැර මෛත්‍රී සමග එක්වෙයි !

colombotoday

තව මාසයක් දීග කාල බලමු.. ශ්‍රීලනිප මන්ත්‍රීන්ට ජනපති අද කීව දේ මෙන්න

colombotoday