Colombo Today Local News

හික්කඩුවේ පැවැත්වෙන ජාත්‍යාන්තර ශේණිගත කිරීමේ චෙස් තරගාවලියක ක්‍රීඩකයන්ට දුන් ආහාර විෂ වෙයි

හික්කඩුවේ හෝටලයක පැවැත්වෙන ජාත්‍යාන්තර ශේණිගත කිරීමේ චෙස් තරගාවලියකට සහභාගී වෙමින් සිටින දෙස් විදෙස් චෙස් කීඩක, කීඩිකාවන් අතරින් සිය දෙනකු හදිසියේ රෝගී වී ප්‍රතිකාර ලබා දුන් බව හික්කඩුව මහජන සෞඛ්‍ය පරීක්ෂක චින්තක පසාද් මහතා පවසයි.

අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල් ආදි චෙස් කීඩක සංගමය දස වැනි වරටත් සංවිධානය කළ මේ චෙස් තරගාවලිය මැයි 26 සිට 30 දක්වා පැවැත්වෙන අතර දෙස් විදෙස් චෙස් ක්‍රීඩක, ක්‍රීඩිකාවෝ 650ක් පමණ තරගාවලියට සහභාගීවී සිටිති.

තරගාවලිය ආරම්භක දින දෙක ඇතුළත මේ තරගාවලියට සහභාගීවූ ක්‍රීඩක, ක්‍රීඩිකාවන්ට හදිසියේ උදරාබාධ, වමනය යාම වැනි රෝග ලක්ෂණ පහලවූ බවත් ඒ සියලුදෙනාම ප්‍රතිකාර සදහා හික්කඩුව ආරච්චිකන්ද රෝහලට යොමු කළ බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂක චින්තක ප්‍රසාද් මහතා කියයි.

රෝගී වූ ක්‍රීඩක, ක්‍රීඩිකාවන්ගෙන් දෙදෙනකු තවමත් එම රෝහලේ නේවාසිකව පතිකාර ලබන බවද පසාද් මහතා පවසයි.

සමහර ක්‍රීඩක, ක්‍රීඩිකාවන් මේ අසනීප තත්ත්වය හමුවේ තරගය නතර කර දමා නිවෙස්වලට ගොස් සිටින බවද පසාද් මහතා පවසයි.

හෝටලයෙන් ලබාදුන් ආහාර හෝ ජලය නිසා මෙම තත්ත්වය හට ගන්නට ඇතැයි ද සෞඛ්‍ය අංශ සැක පළ කරයි.

මෙම හෝටලය සදහා පානීය ජලය සපයන වතුර ටැංකි පහම වසා නොමැතිව තිබූ බවත් එම නිසා මේ වතුර ටැංකිවලට සතුන් වැටී නරක් වන්නට ඇති බවත් පසාද් මහතා සඳහන් කරයි. එමෙන්ම මෙම හෝටලයේ කෑම පිසින මුලුතැන්ගෙයද දැඩි අපිරිසිදු තත්වයේ පැවති බවත් මේ සියලු කාරණා ගොනු කොට මේ හෝටලයට නඩු පැවරීමට කටයුතු කළ බවත් ප්‍රසාද් මහතා වැඩිදුරටත් පවසයි.

Related posts

දිඹුලාගල රජ්ජුරුවෝ.. ඉරක් දකිමු තිතක් ළඟ

colombotoday

නියෝජ්‍ය පොලිස්පති දේශබන්දුට ප්‍රහාරයක්. යුද හමුදාව වෙඩි තියයි

colombotoday

හරීන් ප‍්‍රනාන්දු කොරෝනා පරීක්‍ෂාවට

colombotoday

කැස්බෑව – පිටකොටුව බස් රථ සේවකයින් වැඩ වර්ජනයක

colombotoday

මඩකලපුවේ හින්දු ආගමික මධ්‍යස්ථානයකට ‘සංහිදියා‘ මුස්ලිම් විරෝධයක් !!

colombotoday

51 වන මානව හිමිකම් සැසිවාරයට කාවින්ද ජිනීවා යයි

colombotoday