Colombo Today Local News

මඤ්ඤොක්කා පැලයක් ගැල වූ සීයා පරලොව යවයි

කලවාන ගල්කැටිය දේශීය ඉඩමක මඤ්ඤොක්කා පැලයක් කඩා දැමීමේ සිද්ධියක් මුල් කරගෙන බහින්බස් වීමක් දුරදිග යාමෙන් 78 හැවිරිදි වයෝවෘද්ධ පුද්ගලයෙකුට පොල්ලකින් පහරදී ඝාතනය කර ඇතැයි කලවාන පොලිසිය කියයි.

සැකකරු එම ප්‍රදේශයේම පදිංචි (32) හැවිරිදි තරුණයෙකි. ඔහු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු වෙනත් පුද්ගලයකුට අයිති ඉඩමක මඤ්ඤොක්කා වගා කර ඇති බවත්, වයෝවෘද්ධ පුද්ගලයා එම වත්තට ඇතුළු වී ඊයේ (28) මඤ්ඤොක්කා ගහක් කපා දැමීමේ සිද්ධියට දෙදෙනා අතර ආරවුල් හටගෙන මෙම ඝාතනය සිදුකර ඇති බවද පොලිසිය කියයි.

Related posts

හොදින් හෝ නරකින් කොළඹ කුණු කන්ද පුත්තලම් කලපුවට… තවත් විනාශයක්….

colombotoday

“ඉරාජ්.. මොකද්ද යෝදයෝ උඹ මට මේ කළේ” – විල්සන් කරු

colombotoday

වෙලේ සුදාගේ මස්සිනා ඇතුළු 3 දෙනෙකු හෙරොයින් සමග අල්ලයි

colombotoday

අදත් ප්‍රදේශ කිහිපයක විදුලිය බිඳවැටෙයි

colombotoday

ජනපති ගෝඨාභයට විරෝධය පෑ වයිකෝ අත්අඩංගුවට…

colombotoday

ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සම්මුතියකට අත්සන් කරයි..

colombotoday