Colombo Today Local News

නාරගල දී වාහන හතරක් එකට ගැටෙයි

බුලත්සිංහල හොරණ මාර්ගයේ නාරගල මංසන්ධියේදී අද (30) උදෑසන ත්‍රී රෝද රථ දෙකක්, මෝටර් රථයක් සහ යතුරු පැදියක් එකි නෙක ගැටී සිදුවූ අනතුරකින් දෙදෙනකු තුවාල ලබා හොරණ මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි බුලත්සිංහල පොලිසිය පවසයි.

බුලත්සිංහල ප්‍රදේශයේ සිට හොරණ දෙසට ධාවන කළ ත්‍රීරෝද රථයේ තිරිංග තද වීම හේතුවෙන් පිටුපසින් පැමිණි මෝටර් රථය ද එකවරම තිරිංග තද කර ඇත. ඊට පිටුපසින් පැමිණි ත්‍රීරෝද රථයත් යතුරුපැදියත් එකිනෙකට මෝටර් රථයේ ගැටුනූ පසු මෝටර් රථය තල්ලු වී ගොස් දිරිපස ත්‍රිරෝද රථය වැදී නතර වී ඇතැයි පොලිසිය කියයි.

එක් ත්‍රී රෝද රථයක රියදුරුත් යතුරු පැදිකරුත් තුවාල ලබා හොරණ මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

Related posts

යාපනය නාවක්කුලි සිංහල ගම්මානයේ චෛත්‍ය ඉදිකිරීම තහනම් කරයි

colombotoday

ධීවරයෙකුට කොරෝනා.. දික්ඕවිට වරාය වසා දමයි

colombotoday

ඕස්ට්‍රේලියාවේ මහ කොමසාරිස් තනතුර ජගත් වැල්ලවත්ත ට ?

colombotoday

මැතිවරණ කැලැන්ඩරය නීතියට ඇතුළත් කල යුතුයි – පැෆරල් සංවිධානය කියයි

colombotoday

එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ වාර්තාව ජනපතියට

colombotoday

අධිවේගී මාර්ගයේ කොට්ටාව සහ කඩවත අතර වාහන ධාවනය නොමිලේ

colombotoday