Colombo Today Local News

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ සිටි බන්ධනාගාර රැඳවියෙක් පළා යයි

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බන්ධනාගාර රැඳවියෙක් පළා ගොස් තිබේ.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා සඳහන් කරන්නේ, ගාල්ල බන්ධනාගාරයේ රඳවා සිටිය දී රෝගී තත්ත්වයක් හේතුවෙන් කරාපිටිය රෝහලට ඇතුළත් කළ රැඳවියෙක් මෙලෙස පළාගොස් ඇති බවය.

එම රෝහලේ 19වන වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටිය දී අද (25) උදෑසන ඔහු පළා ගොස් තිබේ.

මෙම පුද්ගලයා මත්ද්‍රව්‍ය චෝදනාවකට වැරදිකරුවෙකු වී මාස දෙකක සිරදඬුවම් විඳිමින් සිටි අයෙකු බව චන්දන ඒකනායක මහතා පවසයි.

Related posts

අය වැය විප්ලවීය මෙන්ම ජනතාවට යුතුකම් ඉටු කළ එකක්

Admin

ගෝඨා පැරැද්දවීම අපට සුළු දෙයක්…

colombotoday

උසස් පෙළ ප්‍රතිඵල ගැන බන්ධුලට ගැටළුවක්… කුමන්ත්‍රණයක් ගැනත් කියයි…

colombotoday

උත්සව සමයේදී සතොසෙන් අඩුවට සහල්

colombotoday

“මංතීරුව හදල තියන්නේ අනවසරයෙන්.. ලොකු ගාණක් යටිමඩි ගහලා.. මං ඒක කැඩුවා” – ජෝන් ඇමති

colombotoday

තමිල්නාඩුවේ ශ්‍රී ලංකා සරණාගතයින්ට යළි මෙරටට පැමිණීමට අවස්‌ථාව

colombotoday