Colombo Today Local News

සමෘද්ධියේ සතපහකට අත තියන්නේ නෑ – මුදල් රාජ්‍ය ඇමති ෂෙහාන් සේමසිංහ කියයි

රජය සමෘද්ධියේ ඉතුරුම් මුදල්වලට කිසිසේත්ම අත නොතියන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (12)දින පැවසීය.

සමෘද්ධි බැංකු ඈවර කිරීමට තීරණයක් ගෙන නැතැයිද ඔහු සඳහන් කළේය.

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය පිලිබඳ විවාදයේදී ඔහු මෙසේ පැවසීය.

මෙම පනතින් කරන්නේ සමෘද්ධියේ විනිවිදභාවය ඇති කිරීම බවත් සමෘද්ධි ලයිස්තුව යාවත්කාලීන කිරීමද මෙහි තවත් අරමුණක් බවත් ඔහු සඳහන් කළේය.

සමෘද්ධිය ප්‍රතිලාභ බෙදා හැරීමට පමණක් තියෙන ආයතනයක් නොවේ යැයි පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා ජනතාව සවිබලගැන්වීම එහි ප්‍රධාන අරමුණ යැයිද සඳහන් කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව ආසියානු සංවර්ධන බැංකුව සුබසාධන දීමනා වැඩි කිරීමට උපදෙස්දී ඇතැයිද ඔහු පැවසීය.

දේශපාලන මැදිහත් වීමෙන් තොරව සුදුසු පුද්ගලයන්ට ප්‍රතිලාභ ලබා දෙන ලෙස ඒ සංවිධාන ඉල්ලා සිටින බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

වේයන්ගොඩ දී වැටලු ගණිකා නිවාසය

colombotoday

කුරුණෑගල නගරාධිපති බුවනෙකභාහු රජුගේ රාජ සභා මණ්ඩපය විනාශ කර දමයි. ඇමති ජොන්ස්ටන්ගේ අනුහසින් නීතිය ක්‍රියාත්මක නොවෙයි

colombotoday

“එජාපයයි, ශ්‍රීලනිපයයි අයියයි මල්ලියි වගේ.. අපි දැන් එකට වැඩ” – සජිත්

colombotoday

මංගල සාදයේදී තරුණයෙක් ඇද වැටී මරුට

colombotoday

රාජ්‍ය ආයතන 7ක් එකවැර විකුණා දැමීමට රජය තීරණය කරයි !

colombotoday

ලංකා පොස්පේට් සේවකයෝ ජවිපෙ ට හූ කියා පන්නති.(video)

Admin