Colombo Today Local News

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වැඩ වර්ජනය අවසන්

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වැඩ වර්ජනය අවසන් කර තිබේ.

දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, අද (11) දිනයේ දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුවන බවයි.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් ඊයේ දිනයේ දුම්රිය ගමන්වාර 24 ක් අවලංගු කර තිබුණි.

කාර්යාලීය දුම්රිය 10ක් රාත්‍රී තැපැල් දුම්රිය 6 ක් සහ දුර ගමන් සේවා දුම්රිය එලෙස අවලංගු වූ බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එම්. ජේ. ඉඳිපොලගේ මහතා සඳහන් කරයි .

ඇතැම් දුම්රිය ඊයේ (10)දින ප්‍රමාද වී ධාවනය වූ බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පෙරේදා මධ්‍යම රාත්‍රියේ වැඩ වර්ජනයක් ආරම්භ කළේ, දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වාණිජ තනතුරට දුෂිත බව කියන නිලධාරියෙකු පත් කිරීමට එරෙහිවයි.

වැඩ වර්ජනය හේතුවෙන් ප්‍රදේශ රැසක දුම්රිය මගින් දැඩි ලෙස පීඩාවට පත් විය.

Related posts

සජිත්ගෙන් ජාතික රූපවාහිනියට මිලියන 150ක පොල්ලක් !

colombotoday

බැසිල් වෙනුවට පොහොට්ටුවෙන් ධම්මික පෙරේරාගේ නම මැතිවරණ කොමිසමට

colombotoday

රවීන්ද්‍ර යසස් රිය අනතුරක

colombotoday

විශ්‍රාමික පාරිතෝෂිතය ගැන සුබ පණිවුඩයක්

Admin

සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය

Admin

බිත්තර වලින් කොමිස් ගන්නා ආණ්ඩුවේ ලොක්කා සොයයි

Admin