Colombo Today Local News

දකුණු කොරියානු තානාපති ජනපති හමුවෙයි

සේවා කාලය අවසන් කර නික්ම යන ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපති ජොන්ග් වුන්ජින්ග් (Jeong Woonjin) මහතා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.

දකුණු කොරියා තානාපතිවරයා සිය නික්ම යාම ජනාධිපතිවරයා වෙත නිල වශයෙන් දැනුම් දුන් අතර, එහිදී සුහඳ සාකච්ඡාවකට ද එක්විය.

ජොන්ග් වුන්ජින්ග් මහතා සිය ධුර කාලයේ දී ලංකාවට දුන් සහයෝගය අගය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ පිළිබඳ කෘතඥතාව පළ කළ අතර ඔහුගේ ඉදිරි කටයුතු සාර්ථක කර ගැනීමට ද සුභාශිංසන පිළිගැන්වීය.

මෙම අවස්ථාව සඳහා දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන මහතා ද එක්ව සිටියේය.

ජොන්ග් වුන්ජින්ග් මහතා 2020 ජූලි මස 02 දා සිට මෙරට දකුණු කොරියා තානාපතිවරයා ලෙස කටයුතු කළේය.

Related posts

රථවාහන වැරදි සදහා රු 25000 දඩය නැවත එයි…

colombotoday

කැලේ කපලා ඒකට මගේ නම ගාවන්න එන්න එපා – අනුර ප්‍රියදර්ශන යාපා බදුර්දීන්ගේ මූනටම කියයි

colombotoday

කෙනෙහෙළිකම් නොකර එකවර එල්ලා දමන්න

Admin

වර්ජන මඩින්න, ඉන්දියාවෙන් වෛද්‍යවරු ගෙන්වන්න යයි..

colombotoday

මාන්කුලමේ පිපිරීමකින් දරුවෙකු ඇතුළු දෙ‍ෙදනෙකුට තුවාල

Admin

විදුලි ගාස්තු සංශෝධනයට යෝජනා..

colombotoday