Colombo Today Local News

දුම්රිය දෙපාර්තමේන්තුව කඩිනමින් අධිකාරියක් කරනවා – ඇමති බන්දුල කියයි

දුම්රිය දෙපාර්තමේන්තුව කඩිනමින් අධිකාරියක් බවට පත් කරන බව ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (28)දින පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රි කිංස් නෙල්සන් මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

මෙහිදී ඔහු කියා සිටියේ මගී ප්‍රවාහනයට දුම්රිය 40ක් භාණ්ඩ ප්‍රවාහනයට 03 තෙල් ප්‍රවාහනයට දුම්රිය 08ක් ලෙස වෙන් වන බවයි.

දුම්රිය සේවය දෙපාර්තමේන්තුවක් වීම මත කඩිනමින් තීන්දු තීරණ ගැනීම සහ ක්‍රියාත්මක කිරීම අපහසු බව අමාත්‍යවරයා පෙන්වා දිය.

තවද දුම්රිය අධිකාරියක් කිරීමේ කාර්යය මෙහිදී වැදගත් බව පෙන්වා දුන් අමාත්‍යවරයා අවධාරණය කළේ, දුම්රිය අධිකාරීය පනතක් ඇති කිරීම වැදගත් බවයි.

Related posts

සුරාබදු කොමසාරිස්ගේ ගෙදරට බෝම්බ ගහයි !

colombotoday

අලි සහීර් මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙයි

Admin

කොළඹ-ගම්පහ පොලිස්බල ප්‍රදේශ 05ක් හෙට හුදෙකලා බවින් ඉවතට

colombotoday

තරුණයන්ගේ නියම හැකියාවන් ලබා ගන්න ඉදිරියේදී රැකියා දෙන ක්‍රමය වෙනස් කල යුතුයි.

colombotoday

ශ්‍රීලනිප සාමාජිකයින් ඇමති ධූර භාර ගැනීම පක්ෂයේ තීරණයට පටහැනියි – ශ්‍රීලනිප සභාපති

colombotoday

අජිත් රෝහණ ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකාබැලීම කල්යයි

Admin