Uncategorized

අඩු ආදායම් ලබන්නන්ගේ සහන තවදුරටත් වැඩි කිරීම ජුලි මාසයේ

අඩු ආදායම් ලබන ජනතාවට ලබාදෙන සහන තවදුරටත් වැඩි කිරීම ජුලි මාසයේ සිදුකරන බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් ඔහු සඳහන් කළේ, පසුගිය මාස 12 තුළ රාජ්‍ය සේවයේ කිසිවෙකුත් ඉවත් කර නොමැති අතර වැටුප් – විශ්‍රාම වැටුප් නවත්වා නොමැති බවයි.

මිට පෙර 16 වතාවක් IMF වෙත ගියත් එම තොරතුරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර විවාදයට ලක් කළ පළමු වතාව මෙය බවත් ජාතික වැදගත්කමක් ඇති මෙම අවස්ථාවේ පාර්ලිමේන්තුවේ සියලු දෙනාගේ සහය අපේක්ෂා කරන බවත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙහිදී පැවසීය.

එහිදී වැඩි දුරටත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේ,

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් ගිවිසුම පිළිබඳ විවාදයට එක්වන්නට මේ අවස්ථාව ප්‍රයෝජනයට ගන්නේ, විශේෂයෙන් පසුගිය වසරේ අපේ රට මුහුණ දුන්නු දරුණුතම මූල්‍ය අරමුදල අන්පෙර දවසකට වඩා මුහුණ දුන්නු මූල්‍ය හා ආර්ථික අර්බුදය හමුවේ මුළු මහත් රට අඩපණ වී ගිය ආකාරය මේ පාර්ලිමේන්තුවට මතකයි.

අපේ රටේ ජනතාවට එය අමතක වන්නේ නෑ. එවකට තිබුණු පාලන තන්ත්‍රය වෙනස් වී ජනාධිපතිතුමා තමන්ගේ ජනාධිපති ධූරයෙන්ද අයින් වී, අමාත්‍ය මණ්ඩලයද අමාත්‍ය ධූර‍යෙන් අයින් වී නව අමාත්‍ය මණ්ඩලයක් හා පාර්ලිමේන්තුව විසින් අලුතින් ජනාධිපතිතුමා හැටියට රනිල් වික්‍රමසිංහ මැතිතුමාව ඉතාම බහුතර අනුමැතියකින් පත් කරගනු ලැබුවා.

ජූලි මාසය අවසන් වීමෙන් පස්සේ එම අර්බුදය සමනයකට පරිවර්තනය කිරීමේ උත්සාහයට, විශාල දේශීය හා ජාත්‍යන්තර උත්සාහයක් දැරීමට සිදුව තිබුණු බව මුළු පාර්ලිමේන්තුවම දන්නවා.

IMF එකට යන්න කිව්ව කතාව පොදුවේ පාර්ලිමේන්තුවේ හා ජාතික වශයෙන් වෘත්තිමය විශේෂඥයන් විසින් ද ආර්ථික විශේෂඥයන් විසින් ද ඉදිරිපත් කරපු කාරණාවක්. අද ඒ අනුව ඉතාම සාර්ථක අවස්ථාවකට අපි පැමිණෙමින් තිබෙනවා.”

Related posts

යහපාලන කෙරුම් ‘කරු‘ ඇමතිගේ අනුහසින් කරුංකා ජාවාරම ජයටම.

colombotoday

තිරුකුමාර් නඩේසන් අල්ලස් කොමිසමට

colombotoday

ලක් විරු සගයකු සමග අහසින් පැන්න ‘කමාන්ඩෝ’ යුද සුරතලියක් ඉතිහාසගත වාර්තාවක – PHOTO

colombotoday

විදුලි පාරිභෝගික සේවා ලොරි රථය හරස් කර නිලධාරියෙකුට පහර දුන් උද්ඝෝෂකයෝ පස්දෙනෙකු රක්ෂිත බන්ධනාගාරයට.

colombotoday

ගුරුකන්ද නාහිමි ආදාහනය ගැන අධිකරණ විභාගය ඇරඹෙයි… ඥාණසාර හිමිත් මුලතිව් අධිකරණයට…

colombotoday

වරායේ ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිදහස් කිරීමට ඩො.මි. 50ක් නිදහස් කෙරේ

colombotoday