Colombo Today Local News

තවත් ඉන්දීය බිත්තර ලක්ෂ 10 ක් දිවයිනට

ඉන්දියාවෙන් ආනයනය කළ තවත් බිත්තර මිලියනයක් රැගත් නෞකාවක් ඊයේ(20) රාත්‍රි කොළඹ වාරයට ළඟා විය.

එහි සාම්පල අද(21) දිනයේදී සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් ලබා ගනු ඇති බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා සඳහන් කරයි.

මේ අතර, පසුගිය 15 වැනිදා දිවයිනට ළඟා වූ බිත්තර තොගයේ සාම්පල ඊයේ දිනයේ සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් ලබා ගෙන තිබේ.

එහි වාර්තා තවත් දින 4කින් ලැබීමට නියමිත බව සභාපතිවරයා පවසයි.

මේ වනවිට මෙරටට ඉන්දියාවෙන් ආනයනය කර ඇති බිත්තර ප්‍රමාණය මිලියන 05 කි.

එම බිත්තර රුපියල් 35ක මිලකට මහා පරිමාණ බේකරි හිමියන්ට හා හෝටල් හිමියන්ට අඛණ්ඩව නිකුත් කරන බවද ඔහු කියා සිටියේ ය.

Related posts

මහ බැංකු අධිපති 21 දා බැඳුම්කර කොමිසමට

colombotoday

විල්පත්තුවේ වන විනාශය පූක්කුලමෙන් යලි පටන් ගනියි

colombotoday

“අජිත් පී. ට ඇලෝසියස්ගෙන් කෝල් එන හැටි ඇහැටම දැක්කා..” බිමල් අජිත්ගේ මූණටම කියයි (Video)

colombotoday

“මේ ආණ්ඩුව ආනිසා ප්‍රජාතන්ත්‍රවාදය තියනවා.. දැන් අපට ඕන දේ කරන්න පුළුවන්“ – විග්නේෂ්වරන්

colombotoday

සභාපති පොල් පිත්තෙන් කැපුවත් මිල්කෝ ලාභ ලබන්න පුලුවන්

Admin

“ජනාධිපතිවරණය ඉක්මනට දෙන්නත් බැහැ ප්‍රමාද කරන්නත් බැහැ…”

Admin