World

විරල දෙමුහුන් සුර්යග්‍රහණයක් අප්‍රේල් 20දා සිදු වෙයි

විරල සූර්යග්‍රහණයක් මේ මස 20වන දින සිදුවන අතර එය දෙමුහුන් සූර්යග්‍රහණයක් ලෙස හඳුන්වනු ලබන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සූර්ය ග්‍රහණය අවස්ථාවේදී එය පූර්ණ සූර්යග්‍රහණයක සිට වළයාකාර සූර්යග්‍රහණයක් දක්වා මාරු වන නිසා මෙම සුර්යග්‍රහණය දෙමුහුන් සූර්යග්‍රහණයක් ලෙස හඳුන්වයි.

සූර්යග්‍රහණයේ ගමන් මාර්ගය ලොව සමහර ස්ථාන වල සිටින නරඹන්නන් පූර්ණ සූර්යග්‍රහණයක් ලෙස දැකිය හැකි අතර අනෙක් කොටස් වල සිටින අය වළයාකාර සූර්යග්‍රහණයක් දකිනු ඇත.

අවස්ථා දෙකේදීම චන්ද්‍රයා, පෘථිවිය සහ සූර්යයා අතරන් ගමන් කරයි. අමාවක දිනකදී පෘථිවිය සහ සූර්යයා අතරට චන්ද්‍රයා පැමිණි විට චන්ද්‍රයාගේ සෙවනැල්ල පෘතුවිය මත වැටෙන ප්‍රදේශ වලට සුර්යග්‍රහණය දැකිය හැකි බවයි වාර්තා වෙයි.

අවසාන දෙමුහුන් සූර්යග්‍රහණය සිදු වූයේ 2013 දී වන අතර මීළඟට සිදු වන්නේ 2031 දී ය. ඉන් පසු අනාගත අහස නිරීක්ෂකයින්ට 2164 මාර්තු 23 දක්වා රැඳී සිටීමට සිදුවනු ඇති බව තාරකා විද්‍යාඥයින් පෙන්වා දී ඇත.

ශ්‍රී ලංකා සම්මත වේලාවට අනුව සූර්යග්‍රහණය, අප්‍රේල් 20 දින ඉන්දියන් සාගරයෙන් පෙරවරු 7.04 ට ආරම්භ වී දහවල් 12.29 ට පැසිෆික් සාගරයෙන් අවසන් වීමට නියමිතය.

මෙම සූර්යග්‍රහණය ශ්‍රී ලංකාවට මෙන්ම ලෝකයේ බොහෝ රටවලට දෘෂ්‍යමාන නොවේ.

කෙසේ වෙතත්, බටහිර ඕස්ට්‍රේලියාව, නැගෙනහිර ටිමෝරය සහ නැගෙනහිර ඉන්දුනීසියානු දූපත් වල සිටින අයට සූර්යග්‍රහණය දෘශ්‍යමාන වන අතර, ඔවුන් ජීවිත කාලයටම එක්වරක් පමණක් විය හැකි මෙම අහස් සංදර්ශනය නැරඹීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම සූර්යග්‍රහණය දැකිය හැක්කේ ලෝක ජනගහනයෙන් 8.77% කට තරම් සුලු කොටසකට පමණි.

දෙමුහුන් සූර්යග්‍රහණ ඉතා දුර්ලභ වෙයි.

Related posts

වෙඩි වැදුණු ඉම්රාන් ඛාන්ට සැත්කමක් – පුද්ගලයෙකු මරුට, තවත් 5කට තුවාල…

Admin

ඇෆ්ගනිස්තාන සෞඛ්‍ය ඇමැතිට කොරෝනා

colombotoday

මද්‍රසා හී දරුණු අන්තය මෙන්න. | හැමෝම බැලිය යුතු වීඩියෝව

colombotoday

බොරතෙල් බැරලය ඩොලර් 122 සීමාව ඉක්මවයි. ඉන්ධන මිල යළිත් ඉහළ යන ලකුණු

colombotoday

බංගලාදේශයේ බෞද්ධයන්ගේ තත්වය දරුණු අතට. ඉස්ලාම් දැඩි මතදාරින්ගෙන් භික්ෂුන්ට සැහැසිකම්. විහාරස්තානවල ඉඩම් ද කොල්ල කති

colombotoday

ජනප්‍රිය බොලිවුඩ් ගායක KK මිය යයි

colombotoday