“වසත් සිරිය 2023” සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවය අප්‍රේල් 22 වන සෙනසුරාදා කොළඹ ගාලු මුවදොර හරිත භූමියේ දී පැවැත්වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.
මෙම අවුරුදු උත්සවය පවත්වනු ලබන්නේ ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඇතුළු සියලු අමාත්‍යාංශ හා රාජ්‍ය අංශයේ ආයතන ගණනාවක කාර්ය මණ්ඩලවල එකමුතුවෙනුයි.
ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට සහභාගිවිය හැකි විවෘත අංශයක් ද විදේශකයින්, තානාපති කාර්යාල, විදේශ ආයතන සහ අවට හෝටල්වල සිටින පිරිස් වෙනුවෙන් ආගන්තුක අංශයක් ද මීට ඇතුලත් වේ.