Colombo Today Local News

චීන රජයේ සහය අඛණ්ඩව ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන සඳහා චීනය, ඉන්දියාව, ජපානය ඇතුළු අනෙකුත් සියළුම මිත්‍ර රටවලත්, ජාත්‍යන්තර සංවිධානවලත් උපදේශකත්වය, ආධාර සහ අනුග්‍රහය මේ අවස්ථාවේදී ලක් රජය විශේෂයෙන් අපේක්ෂා කරන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

චීන ජාත්‍යන්තර සංවර්ධන සහයෝගිතා ඒජන්සියේ නියෝජ්‍ය සභාපති Deng Bozing මහතා සමග පැවති හමුවක දී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇති බව සඳහන්.

ශ්‍රී ලංකාවේ අතිශය මිත්‍රශීලී රටක් ලෙස චීනය සෑම අවස්ථාවකදීම මෙරටට අවශ්‍ය සහයෝගය ලබාදීමට අඛණ්ඩව කටයුතු කරන බවයි එහිදී චීන ජාත්‍යන්තර සංවර්ධන සහයෝගිතා ඒජන්සියේ නියෝජ්‍ය සභාපතිවරයා සඳහන් කර ඇත්තේ.

Related posts

වෙන්නප්පුවේදී හෙරොයින් සමග දෙදෙනෙක් අත්අඩංගුවේ

colombotoday

කඩුවෙල හිටපු නගරාධිපති බුද්ධදාස එජාපයට එක්වෙයි !

colombotoday

පාසල් අධ්‍යයන කටයුතු පැවැත්වෙන කාලසීමාවේ යළි සංශෝධනයක්

colombotoday

මම මහා පරාක්‍රමබාහු වගේ මට ඡන්දය දෙන්න

Admin

ආගමික අපහාස සෙවීමට කමිටුවක් පත් කරන්න කැබිනට් අනුමැතිය

Admin

හෙරොයින් ග්‍රෑම් 45 ක් සමග දෙදෙනෙකු අම්බලන්ගොඩදී අල්ලයි

colombotoday