Colombo Today Local News

පොලිසියේ දෙදෙනකුට පොල්ලෙන් ගසා මූණට ගලකින් ගහලා…

පොලිස් සැරයන්වරයකුගේ සහ පොලිස් කොස්තාපල්වරයකුගේ හිසට පොල්ලකින් සහ ගලකින් පහරදී තුවාල සිදුකළ බව කියන පුද්ගලයන් දෙදෙනෙක් තෙරිපැහැ පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

පහරකෑමට ලක්ව තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනා නුවරඑළිය රෝහලට ඇතුළත් කර ඇත.

මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ තෙරිපැහැ ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි රියදුරකු සහ අවුරුදු තිහක් වයසැති ගොවිතැන් කර ජීවිකාව ගෙන යන අයෙකි.

තෙරිපැහැ සමෘද්ධි සංවර්ධන බැංකුව අසල දී පොල්ලක් අත ඇතිව සිටි පුද්ගලයකු සහ තවත් සැකකටයුතු පුද්ගලයකු පරික්ෂා කිරීමට මෙම පොලිස් නිලධාරීන් දෙදෙනා ගොස් ඇතැයි පොලිසිය පවසයි.

මේ අවස්ථාවේ පොල්ලක් අතැතිව සිටි පුද්ගලයා සැරයන්වරයාගේ නිල ඇදුමෙන් ඇද එම එම පොල්ලෙන් හිසට පහර දී ඇති අතර අනෙකා ගලක් අතේ තබාගෙන එයින් කොස්තාපල්වරයාගේ මුහුණට හා හිසට පහරදී ඇති බවත් පොලිසිය සඳහන් කරයි.

තෙරිපැහැ පොලිසියේ පොලිස් කණ්ඩායමක් පැමිණ පසුව එම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

Related posts

තවත් 21 හැවිරිදි තරුණියක් එන්නතකට බිලිවෙයි

Admin

දිස්ත්‍රික්ක 5කට නායයෑමේ අනතුරු ඇඟවීම්..

Admin

වැඩි නැති ප්‍රදේශවල පශු වෛද්‍යවරුන් වැඩ ඇති ප්‍රදේශ වලට යවයි

Admin

පැය 24 ක් තුලදී 663ක් අත්අඩංගුවට

Admin

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව නිර්දේශ දීමට උපදේශක මණ්ඩලයක්

colombotoday

එජාපයේ කැබිනට් පත්‍රිකා තුනක් අගමැති ඉදිරියේම ජනපති ඉවත දමයි…

colombotoday