Colombo Today Local News

මැතිවරණය පැවැත්වෙන මීළඟ දිනය ගැන තීරණයක් ගන්න කොමිසම අද රැස්වෙයි

පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන මීළඟ දිනය තීරණය කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව අද(03)දින රැස්වෙයි.

මැතිවරණ කොමිෂන් සභාව පසුගියදා නිවේදනය කරන්නේ, මැතිවරණය ලබන 09 වැනිදා පැවැත්වීමට නොහැකි බවයි.

මැතිවරණයට මුදල් නොලැබීම ඇතුළු බාහිර සාධක කිහිපයක් හේතුවෙන් සැලසුම් කළ පරිදි පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නොහැකි බව කොමිසම පසුගියදා පෙන්වා දුන්නේ ය.

කෙසේ වෙතත් අද දිනයේ රැස්වී මැතිවරණය පවත්වන දිනය නැවත ප්‍රකාශයට පත් කිරීමට සැලසුම් කර ඇති බව මැතිවරණ කොමිසම පවසයි.

Related posts

කංසා වගා කළා නම් අපි IMF යන්න ඕනේ නෑ

colombotoday

මහනුවර ගැටුමට සම්බන්ධ සියල්ලන් රාජිත හොයා ගනී..

colombotoday

අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා අත්අඩංගුවට

colombotoday

මහනුවර සිදුවීම මෙහෙයවීයැයි සැකපිට 10ක් අත්අඩංගුවට

colombotoday

අගවිනිසුරු විශ්‍රාම යයි… නව අගවිනිසුරු පත් කිරීම අද දහවල්…

colombotoday

ලිට්‍රෝ සමාගම ආනයන කළ ගෑස් නැවට ගෙවන්න ඩොලර් නැහැ

colombotoday