Colombo Today Local News

IOC ඉන්ධන මිලත් අද රාත්‍රීයේ සිට පහළට

ලංකා IOC සමාගම ද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන්වලට අනුව අද (29) රාත්‍රීයේ සිට ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 60කින් ද ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 80කින් ද අඩුකර ඇත.

නව මිල සංශෝධනය අනුව, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රු 340ක් වන අතර, ඔටෝ ඩීසල් ලීටරයක මිල රු 325ක් වේ.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රු 135කින් පහළ දමා ඇති අතර එහි නව මිල රු 375කි.

සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 45කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 465කි.

භූමිතෙල් ලීටරයක් රුපියල් 10කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 295කි.

Related posts

ඇවන්ගාඩ් තහනම් කෙරේ… සියළු මෙහෙයුම් නේවි එකට, නේවි එකෙන් කා අතටද?

colombotoday

ව්‍යවස්ථාව හරහා රට බෙදීම වළකමු ! අන්තර්ජාල පෙත්සමක් අත්සන් තැබේ

colombotoday

තීන්ත නිශ්පාදන ආයතනයකින් නින්දිත වැඩක්.. පිළිකාවෙන් සමාජය බියවද්දා අලෙවිය වැඩිකරගැනීමේ මෙහෙයුමක

colombotoday

“කැප්පෙටිපොළ මහ නිළමේ ඇතුළු විරුවන් රාජද්‍රෝහී ලයිස්තුවෙන් ඉවතට !

colombotoday

ලංකාවේ වැදුම්ගෙයි දශක 07 ක් පසු පසට යයි.

colombotoday

සජිත් ජනාධිපති වූ පසු පෘතුග්‍රීසි නීතියට කලින් තිබූ නීතිය

Admin