Colombo Today Local News

“බේරේ වැවේ වුණත් අපට මැයි දිනය සමරන්න පුළුවන්” – ජොන්ස්ටන් ප්‍රනාන්දු කියයි

බේරේ වැව මතුපිට වේදිකාවක වුව ද තම පක්ෂයට මැයි දින රැලිය පැවැත්විය හැකි යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යනු දැවැන්ත සංවිධාන ශක්තියක් සහිත පක්ෂයක් බව ද එම නිසා ලංකාවේ ඕනෑ ම තැනක මැයි දින රැලිය දැවැන්තව පැවැත්වීමට තම පක්ෂයට හැකි යැයි ද ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා කීය.

ඉදිරියේදී තම පක්ෂයේ මැයි දින රැලිය දැවැන්ත ලෙස පැවැත්වීම පිළිබඳ මේ වන විටත් සාකච්ඡා පවත්වමින් තිබෙන බව ද එය පැවැත්වෙන ස්ථානය පිළිබඳ ඉදිරියේදී දැනුම්දෙන බව ද ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා කීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේ ඊයේ (මාර්තු 23)දින පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම මෙම අදහස් පළ කළේ ය.

Related posts

මාලිගාවත්තේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකුට තුවාල

colombotoday

එරාවූර් ඉඩම් කොල්ලයට එරෙහි වූ, ඉඩම් අධ්‍යක්ෂකට වෙඩි ප්‍රහාරයක්

colombotoday

පාස්කු ප්‍රහාරයේ වරදකරුවන්ට දඬුවම් ඉල්ලා ධම්මික ප්‍රසාද් සත්‍යග්‍රහයක

colombotoday

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ශ්‍රී ලංකාවට අනතුරු අගවයි

colombotoday

පාර්ලිමේන්තුව අද රැස්වෙයි.. එජාපය බහුතරය පෙන්වන්න සූදානම්…

colombotoday

මැතිසබය බලන්න එන අයට වේත්‍රධාරිවරයාගෙන් දැනුම්දීමක්

colombotoday