Colombo Today Local News

මෙරට බැංකු පද්ධතිය ස්ථාවරයි – මහ බැංකු අධිපති

ශ්‍රී ලංකාව මුහුණදුන් දරුණු ආර්ථික අර්බුදය හමුවේද මෙරට බැංකු පද්ධති ස්ථාවරව පවත්වා ගැනීමට හැකියාව ලැබුණු බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

කොළඹ පැවැති උත්සවයකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

එහිදී අදහස් දැක්වූ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා,

“ඔබ සැම දන්නවා නූතන ව්‍යාපාරික ලෝකයේ බැංකුකරණය වඩාත් අභියෝගකාරී මෙහෙයුමක් බව. නූතන බැංකුකරණයේදී එම අභියෝග විවිධාකාරයි. අමෙරිකාව, එක්සත් රාජධානිය සහ යුරෝපයේ වුවත්, ලොව පුරා අපට දිනපතා අසන්නට ලැබෙනවා බැංකු පද්ධති මුහුණදෙන අභියෝග ගැන.මේ නිසයි අපේ වාණිජ බැංකු වුවත් ඕනෑම අභියෝගයකට මුහුණදිය හැකි ආකාරයෙන් යම් ඉඩක් තබා සූදානම් විය යුත්තේ. ද්‍රවශීලීතාව, ප්‍රාග්ධනය සහ කඩිනමින් ප්‍රතිචාර දැක්වීමේ හැකියාව පිළිබඳ එහිදී අවධානය යොමුකළ යුතුයි. නියාමනයටද කෙතරම් වේගයකින් අභියෝගයකදී මැදිහත්විය හැකිද යන්නත් වැදගත්වනවා. අප පසුගිය සතිය තුළත් ගෝලීය බැංකු පද්ධති මුහුණදුන් එවැනි අවස්ථාවන් දුටුවා. ශ්‍රී ලංකාවේ පසුගිය කාලය තුළ දුෂ්කරතාවන් රැසක් පැවැතුණු අතර මෑත කාලයේ වුවත් එවැනි අර්බුදකාරි තත්ත්වයන් පැවැතුණා.එහෙත් එම අර්බුද හමුවේ වුවුද මෙරට බැංකු පද්ධතිය ස්ථාවරව පවත්වා ගැනීමට අපට හැකියාව ලැබුණා. ඉදිරියේදීත් බැංකු පද්ධතියේ එවැනි ස්ථාවරතාවයක් පවත්වාගත හැකි බව මට විශ්වාසයි.”

Related posts

“ලංගමය දුවන්නේ පාඩුවටයි.. තව මාස 6කින් වහල දාන්න වෙයි” – ප්‍රවාහන ඇමති

colombotoday

සාරා ඉන්දියාවට පැන ගියා කියල විශ්වාසයක් මිසක් තහවුරු වු තොරතුරක් නෑ. – අමාත්‍ය ගම්මන්පිල

colombotoday

පොහොට්ටුවේ 6ක් දුරකථනෙට පනී

Admin

විදුලිබල මණ්ඩලයේ සේවකයින්ගේ වැටුප් සියයට 25කින් ඉහළට

colombotoday

දුම්රිය රියදුරන්ගේ වර්ජනයට ස්ථානාධිපතිවරු හා නියාමකවරුත් එක්වෙති

colombotoday

කැබිනට් සංශෝධනයට පෙර රිෂාඩ්-කිරිඇල්ල අමාත්‍යාංශ ලිපිගොණු ඉවත් කරගනී !!

colombotoday