Colombo Today Local News

දෙනෝදහක් බලා ඉද්දී විදුලි කාර්මිකයාගේ දෑත් කපාගෙන ගිහින්

මොරටුව කොරලවැල්ල ප්‍රදේශයේ මහ මඟ දී දෙනෝදහක් බලා සිටියදි තියුණු ආයුදයක් රැගෙන ආ පුද්ගලයකු සහසික ලෙස විදුලි කාර්මිකයකුගේ දෑත් කපා රැගෙන යන අයුරු ඒ ආසන්නයේ ඇති ආරක්ෂක කැමරාවක සටහන්ව ඇත.

මෙම කැපුම් තුවාල ලබා ඇත්තේ මොරටුව කොරලවැල්ල ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

මෙම පහර දීම සිදු වූ සැණින් ප්‍රදේශවාසීන් 1990 ගිලන් රථ සේවාවන් ඔස්සේ තුවාලකරු පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇත.

තුවාලකරුගේ නිවැසියන් මොරටු පොලිසියට කළ පැමිණිල්ලට අනුව විමර්ශන ආරම්භ කර ඇති අතර වෙන් වූ අත් කොටස් සැකකරු විසින් රැගෙන ගොස් ඇතැයි පොලිසිය පවසයි.

එසේ රැගෙන ගිය අත් කොටස් සොයා පොලිස් විමර්ශන ආරම්භ කොට ඇත.

තමාට පහරදුන් සැකකරු පිළිබඳ තොරතුරු තුවාලකරු ලබා දී ඇති අතර ඔහු සිද්ධිය වූ වහාම ප්‍රදේශයෙන් පලා ගොස් ඇතැයි පොලීසිය පවසයි.

Related posts

මෝල් ගසකින් පහර දී දියණියක් මව මරා දාලා

colombotoday

පොලිසියේ හයිය තියේයැයි කයිය ගසා කේර ගංජා වික්ක ශ්‍රීලනිප යේ හිටපු මන්ත්‍රී

colombotoday

අර්ජුන – දයාසිරි කැබිනට්ටුවේදී ගැටෙයි.. දයාසිරි ක්‍රීඩා ඇමතිකම අර්ජුනට දෙයි !

colombotoday

බදුර්දීන්ගේ නිවසේ ගිනිගෙන මියගිය දැරිය ගැන රහස් රැසක් එලියට

colombotoday

හිරිහැර නිමක් නෑ.. ගෝඨා දැඩි කළකිරීමෙන්.. ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමත් සැක සහිතයි !

colombotoday

කළාප අනුව කරන්ට් කැපෙන පැය ගණනේ වෙනසක්

colombotoday