Colombo Today Local News

ශ්‍රී ලංකාව තවදුරටත් බංකොලොත් රටක් නෙවෙයි – ජනපති රනිල් වික්‍රමසිංහ

ශ්‍රී ලංකාව මින් පසු බංකොළොත් රටක් ලෙස නොසලකන බවත් ඒ අනුව සාමන්‍ය ගනුදෙනු ආරම්භ කළ හැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සඳහා විස්තීරණ ණය පහසුකම අනුමත කිරීමට අදාළව විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ය.

අපේ විදේශ විනිමය තත්ත්වය දියුණු වෙන්න දියුණු වෙන්න අද ආනයන සීමා ක්‍රමානුකූලව ඉවත් කිරීමට යනවා. අත්‍යවශ්‍ය භාණ්ඩ , ඖෂධ, සංචාරක ව්‍යාපරයට අවශ්‍ය භාණ්ඩ පළමු වටයට ඇතුළත් වෙනවා.

මෙතැන් සිට අයි.එම්. එෆ්. එකඟතා අනුව ඉදිරියට යා යුතුව ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා ණය පහසුකම ලබා ගැනීම සඳහා සහය දුන් රටවලට ද ස්තුතිය පළ කළේ ය.

හෙට (22)දින පාර්ලිමේන්තුවේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් විස්තීරණ ණය පහසුකම පිළිබඳ සම්පූර්ණ ප්‍රකාශයක් සිදු කරන බව ත් හෙට ගිවිසුම සභාගත කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේ ය.

Related posts

කෝටියක හෙරොයින් පාර්සල් කරමින් සිටි දෙදෙනෙක් කොටු

colombotoday

පල්ලියෙන් නෑ කිවුවට “කොරොනා ආසාදිතයෙක් රතු පල්ලියේ දේව මෙහෙයට සහභාගී වෙලා” – ආරක්ෂක ලේකම් තහවුරු කරයි

colombotoday

ආණ්ඩුවේ “ඊනියා රිලා සංගණනයේ” විද්‍යාත්මක පසු විපරම

Charith Sankalpana

මහනුවර උත්ඝෝෂණ භූමියටත් ප්‍රහාරයක්

colombotoday

මත්තලින් රට යන ලාංකිකයින්ට වට්ටමක්

colombotoday

බුරු මූණාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වූ අධිබලැති පුපුරණ ද්‍රව්‍ය ග්‍රෑම් 662ක් සොයා ගනී

Admin