Colombo Today Local News

උද්ඝෝෂණ මඩින්න පොලිසිය කැරලි මර්දන බඩු එකතු කරයි

රටේ පවතින වර්තමාන වාතාවරණය මත බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක වන උද්ඝෝෂණ මැඩපැවැත්වීම සදහා කැරලි මර්දන උපකරණ ලබා දෙන ලෙසට ඉල්ලා පොලිස් මුලස්ථානය දිවයිනේ පොලිස් කොට්ඨාස 12ක් වෙත විශේෂ දැනුම්දීමක් කර තිබේ.

ජ්‍යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති සජීව මැදවත්ත මහතා ගේ අත්සනින් යුතු මෙම ලිපිය පොලිස් කොට්ඨාස වෙත යොමු කළ බව වාර්තා වේ. ගෑස් මුහුණු ආවරණල කැරලි පලිහල ආරක්ෂක හිස් වැසුම්, රබර් මුගුරු, ඉල්ලා මෙම දැනුම්දීම කර ඇති බවද වාර්තා වේ.

අනුරාධපුරය, මඩකලපුව, ඇල්පිටිය, කුරුණෑගල, මාතලේල, පොලොන්නරුව, තංගල්ල, මහනුවරල කන්තලේ, නුවරඑළිය, පුත්තලම, ත්‍රිකුණාමලය යන පොලිස් කොට්ඨාසවලින් මෙම ඉල්ලීම කර ඇතැයි ද වැඩි දුරටත් වාර්තා වේ.

Related posts

රථ වාහන වැරදි හතක් සඳහා අවම දඩය රු.25000යි – ගැසට්ටුව නිකුත් කෙරේ

colombotoday

වීසා අවලංගු කල අරගලයට සහාය දුන් බ්‍රිතාන්‍ය තරුණිය සොයා මෙහෙයුමක්

colombotoday

නීතිඥ නාගානන්ද ගොනු කල රනිල්ගේ මන්ත්‍රී ධුරයට එරෙහි පෙත්සම විභාගයට නොගෙනම ඉවතට

colombotoday

ඉන්දියාව තරහ වෙතැයි බිය වේ.. ශ්‍රී ලංකා රජය චීන සබ්මැරීනයට කොළඹ වරායේ දොර වහයි

colombotoday

තෙල් ටැංකි දෙන්න ඉන්දීය රජය එකඟ වෙලා නෑ.. ගම්මන්පිල කිව්වේ බොරුවක්ද ?

colombotoday

මැදපෙරදිග දී වධහිංසාවට ලක් වූ 51ක් හිස් අතින් යළි දිවයිනට !

colombotoday