Colombo Today Local News

මැතිවරණයට මුදල් ඉල්ලූ ලිපිය මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියට යොමු කරයි

මැතිවරණය සඳහා මුදල් ලබා දෙන්නැයි මැතිවරණ කොමිසම යොමු කළ ලිපිය මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියට යොමු කර ඇති බව එහි ලේකම්වරයා මැතිවරණ කොමිසමට දැනුම් දී තිබේ.

ඒ, මැතිවරණ කොමිසම පසුගිය 7 වැනිදා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට යොමු කළ ලිපියට පිළිතුරු ලිපියක් එවමින් ය.

පවතින තත්ත්වය යටතේ මැතිවරණයට මුදල් නිදහස් කිරිම සඳහා තම අනුමැතිය ප්‍රමාණවත් නොවන බව මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා දැනුම් දි ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති නිතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කරයි.

කෙසේ වෙතත් එම මුදල මැතිවරණ කොමිසමට නුදුරේදීම ලැබෙනු ඇතැයි විශ්වාසය පළ කරන බවද ඔහු පවසයි.

මුදල් ලබා නොදීම හේතුවෙන් පසුගිය 09 වැනිදාට පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය කල් දැමීමට සිදුවූ අතර මේ වනවිට එය අප්‍රේල් මස 25 වැනිදා පැවැත්වීමට සැලසුම් කර තිබේ.

ඒ, 2023 අයවැයෙන් පළාත් පාලන ඡන්දයට වෙන් කළ මුදල් රඳවා ගැනීමෙන් වළකින්නැයි දන්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට හා මුදල් අමාත්‍යවරයා වෙනුවෙන් නීතිපතිවරයාට අතුරු නියෝගයක් නිකුත් කිරීමත් සමගයි.

Related posts

නිරෝධායන නීති කැඩූ 674ක් අත්අඩංගුවට

colombotoday

නැවේ තෙල් කාන්දු සොයා නාවික හමුදාව කිමිදෙයි.

colombotoday

“මොන බාධක ආවත් ජනාධිපතිවරණයට එනවා”

colombotoday

හජ් වන්දනාවේ යන බැතිමතුන්ට මොලේ උණ එන්නත ලබා ගැනීම අනිවාර්ය කෙරේ !

colombotoday

සංචාරකයින්ට ගුවන්තොටුපළ සම්පූර්ණයෙන් විවෘත වන දිනය

colombotoday

Video – මෛත්‍රිපාල, රනිල්, කියපල්ලා බලන්න ජාතිවාදය කියන්නේ මොකද්ද කියලා – ඥානසාර හිමි

colombotoday