ලිට්රෝ නව ගෘහස්ථ ගෑස් සිලින්ඩර 10,000 ක් ලබන මාර්තු මස දෙවැනි සතිය වන විට වෙළෙඳපොලට සපයන බවත් එහිදී එකම සිලින්ඩරයක් හෝ නොමැති පවුල් හදුනාගෙන මිලදී ගැනීමේ අවස්ථාව දෙන බවත් ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසයි.
එම නව සිලින්ඩර තොගය ඇනවුම් කර ඇති බවත් වෙළෙඳ ගෑස් සිලින්ඩර ද ඇනවුම් කිරීමට පියවර ගන්නා බවත් මුදිත පීරිස් මහතා පවසයි.
එම සිලින්ඩර ජනතාව අතර බෙදාහැරීමේදී සිලින්ඩර දෙක තුන තිබෙන පවුල් ඒවා මිලදී ගැනීමෙන් වැලකී සිටිය හොත් මේ දක්වා එකම සිලින්ඩරයක් හෝ නොමැති පවුල්වලට මිලදීගැනීමේ අවස්ථාව ලැබෙන බවත් සභාපතිවරයා වැඩි දුරටත් සඳහන් කළේය.