World

තුර්කියේ ප්‍රබල භූ කම්පනයක්

සිරියානු දේශසීමාව ආසන්නයේ ගිනිකොනදිග තුර්කියේ ගාසියන්ටෙප් ප්‍රදේශයේ ප්‍රබල භූ කම්පනයක් සිදුවී තිබේ.

රික්ටර් මාපක 7.8 විශාලත්වයෙන් යුත් එම භූ කම්පනය හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම භූ කම්පනය එරට වේලාවෙන් පස්වරු 04:17ට (GMT 01:17) ගාසියන්ටෙප් නගරය ආසන්නයේ කිලෝමීටර් 17.9 (සැතපුම් 11) ගැඹුරකදී සිදු වී ඇතැයි එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ප්‍රකාශ කර ඇත.

භූමිකම්පාව අන්කාරා අගනුවරට සහ තුර්කියේ ඇති අනෙකුත් නගරවලට සහ පුළුල් ප්‍රදේශයක් පුරා දැනී තිබේ.

ගොඩනැගිලි රැසක් කඩා වැටී ඇති අතර තවත් පිරිසක් ඒවා තුළ සිර වී සිටිය හැකි බවට විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

තුර්කිය පිහිටා ඇත්තේ, ලෝකයේ වඩාත් ම භූමිකම්පා නිරන්තරයෙන් සිදු වන කලාපයක වන අතර 1999 වසරේදී එරට වයඹ දෙසින් ඇති වූ බලවත් කම්පනයකින් 17,000කට වැඩි පිරිසක් මිය ගිය බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.

Related posts

කකොව්කා ජල විදුලි බලාගාරයේ වේල්ල පුපුරා යුක්රේනයේ නගර 80 යට වෙයි

Admin

චිලී රාජ්‍යයේ භූ කම්පනයක්

colombotoday

ශ්‍රී ලංකාව වගේ චීනයේ ‘ණය උගුලට’ අහුවෙන්නේ නෑ

colombotoday

නව තාක්ෂණය නිර්මාණශීලී වන අයුරු රොබෝ යුවතියක් පාර්ලිමේන්තුවේදී කියයි

colombotoday

මුස්ලිම් නොවන අයව අවසන් කිරීමට “ලව් ජිහාඩ් සහ මත්ද්‍රව්‍ය ජිහාඩ්” භාවිතා කරනවා – රදගුරු මාර් ජෝශප් කල්ලරංගට්

colombotoday

ජෝ බයිඩන් අමෙරිකානුවන්ගෙන් කළ ඉල්ලීම

colombotoday